නවතම පුවත්

පාස්කු කොමිසමේ වාර්තාව ජනවාරියේ!

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ කාලය ලබන ජනවාරි මාසය දක්වා දීර්ඝ කර තිබේ.

කොමිසමේ කාලය දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වීමට නියමිතය.

නමුත් ඉතා වැදගත් සාක්ෂි කිහිපයක් ලබාගැනීමට ඇති බැවින් ඒ සඳහා තවත් කෙටි කාලයක් කොමිසම විසින් ඉල්ලා තිබේ.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ජනවාරි තෙක් එම කොමිසම දීර්ඝ කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙම කොමිසම පිහිටුවා වසරකුත් මාස අටක් ගත වී ඇති අතර මීට පෙර තුන්වතාවක් එම කොමිසමේ කාලය දීර්ඝ කෙරිණි.

ජනවාරි මාසයෙන් අනතුරුව නැවත මෙම කොමිසමේ කාලය දීර්ඝ නොකරන බවද වාර්තාවේ.

කොමිසමේ වාර්තාව ජනවාරියේ බාරදීමට නියමිත බව ද සඳහන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි