නවතම පුවත්

පාස්කු ප්‍රහාරයක් වෙන බව දැන සිටි පොලිස් ලොක්කන්ටත් නීතිය ගේන්නැයි ඉල්ලීමක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිට එය වලක්වා ගැනීමට පියවර නොගත් බවට එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අපරාධ චෝදනා එල්ලකරන්නේ නම් එම තොරතුරු දැන සිටි සෙසු ඉහළ පොලිස් නිලධාරීන්ටද නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා අවධාරණය කරයි.

පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු ඒ බව සදහන් කළේය.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටින විට සෙසු නිලධාරීන්ට උසස්වීම් හිමිව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ස්ථානමාරුවීම් ලබාදුන් එම නිලධාරීන් මේ වන විට උසස්වීම්ද සහිතව ප්‍රහාරයන් එල්ලවුණු ප්‍රදේශවලම නැවතත් සේවයේ නිරතව සිටින බැවින් කොමිසම හමුවේ සාක්ෂිදීමට සූදානමින් සිටින පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට ඒ තුළින් බලපෑමක් ඇති වන බවද ඔහු කොමිසමට පෙන්වා දුන්නේය.

උදාහරණ දක්වමින් පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙනු ලැබුවේ කටුවපිටිය දේවස්ථානයේ ගේට්ටුවට අඩුම තරමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්වත් යොදවා තිබුණි නම් බොම්බකරු නිදහසේ පැමිණ බොම්බය පුපුරවාගෙන මෙතරම් හානියක් නොකරන බවය.

ඇතැම් විට පොලිස් නිලධාරීන් දැක ඔහු හැරී යන්නට තිබුණු බවද පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේය. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේද තත්වය එසේ බවත් එදා එම ප්‍රදේශ භාරව සිටි ඉහළ නිලධාරීන් උසස්වීම් ලබා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම සම්බන්දයෙන් ප්‍රධාන වරදකරු ලෙස පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයයි.

ඉන්දියානු රෝ ඔත්තු සේවයෙන් ලද බුද්ධි වාර්තාව ඒ ආකාරයෙන්ම බලධාරීන්ට යොමු කළා මිස එහි ඇති බරපතල කමක් පෙන්වා දී නැති බව ඔහුගේ අදහසය.

අඩුම තරමින් මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම් සහ වනාතවිල්ලුවේ පුහුණු කදවුරට රෝ ඔත්තුවේ සදහන් පුද්ගලයින් සම්බන්ධ බව එම බුද්ධි වාර්තාවේ සටහනක් තබා තිබුණි නම් ඊට වගකිව යුත්තන්ගේ විශේෂ අවධානයක් යොමු වීමට ඉඩ තිබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

වනාතවිල්ලුවෙන් සොයා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ සංග්‍රාමික උපකරණ බැවින් ඒ ගැන සටහනක් තිබුණි නම් වගකිවයුත්තන් එම බුද්ධි තොරතුර ගැන සැහැල්ලුවට නොසිතන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්