නවතම පුවත්

“පාස්කු ප්‍රහාරයෙන් පසුවත් අන්තවාදී තර්ජන අවසන් නෑ” – නැගෙනහිර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙක් කියයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයෙන් පසුව වුවද අන්තවාදී තර්ජන අවසන් නොවන බවත් ඊට ආසන්නම හේතුව අටලුගම ප්‍රදේශයෙන් පසුගියදා පෙනිගිය අතර පොලිසියට මුස්ලිම් කාන්තාවන් පහරදීමද මීට තවත් උදාහරණයක් බව හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පාස්කු කොමිසම හමුවේ පවසා තිබේ.

මින් පෙර කිසිදිනක මුස්ලිම් කාන්තාවන් එළියට නොපැමිණි දැන් එය වෙනස්වීම අන්තවාදි මතවාද හේතුවක් බවද ඔහු සඳහන් කළේය.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් සමග ගැටීමට බව පෙන්වමින් නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් අවි ආයුධවලින් සන්නධ වෙමින් පසුව මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කිරිමට නැඹුරු වූ බව හෙතෙම කීය.

ඔවුන් පසුව මංකොල්ලකෑම් වැනි දේ සිදුකිරිමට නැඹුරු වු බවත් ඔවුන්ට විරුද්ධව සාමාන්‍ය වැසියන් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කිරිමට බිය වුයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ආණ්ඩු බලය හේතුවෙන් බව සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

1997-1998 සමයේ නැගෙනහිර මාර්ගවල මැදකොටස ඉවත් කළ එම ස්ථානවල රටඉදි ගස් සිටුවීමට මූලිකත්වය ගනු ලැබුවේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවත් එම කාලයේ රටඉදි ගසක් රු. 35,000 ක් 45,000 ක් අතර වටිනාකමකින් යුත් බවයි.

එමෙන්ම එම කාලය තුළ සීග්‍රෙයන් පල්ලි ඉදිවිම සහ කාන්තාවන් කලු අබාය ඇඳිම සිදුකළ බවද එඩිසන් මහතා කොමිසම හමුවේ ආනාවරණය කර ඇත.

2008 වසර වන විට කරුණා සහ පිල්ලයාන් සතුව තිබු අවිආයුධ රජයට ලබාදෙන ලෙස සහන කාලයක් ලබාදුන්නත් ඔවුන් විසින් මයික්‍රෝ පිස්තෝල භාරදීම සිදුනොකළ අතර කැඩිබිදි ගිය අවි ආයුද ලබාදීම සිදුකළ බව සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.

එමෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18 ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු තමාට වාර්තා වු බවද එම තරුණ පිරිස් අන්තවාදි ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම්, කප්පම් ගැනිම්, මිනිමැරුම් සිදුකිරිමට කටයුතු කළ බවයි සඳහන් කළේ.

එවිට කොමිසම විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා ආයුද ලැබුණේ කෙසේද යන්නයි?

ඊට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කළේ බෂිර් සේගු දාවුද් ගෙන් මුදල් ලබා TMVP සාමාජිකයින් සහ කරුණා ගේ කණ්ඩායම් සතුව තිබු T56 අවිආයුධ ලබාගත් බවයි.

යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත් තුළ ජිහාඩ් සංවිධාන නම් සංවිධාන තුළ පිබිදිමක් ඇතිවු බව මොවුන් නීතිය පිළිපැදීමෙන් වැළකි හෙල්මට් භාවිතා නොකිරිම, කණ්ඩායම් වශයෙන් පොලිසියට පහරදීම වැනි දේවල් සිදුකළ අතර තමන් මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරද්දී තමන්ට ඊට අවස්ථාව හිමිනොවු බවයි.

මැතිවරණය වැනි සිදුවීම් හේතුවෙන් ආයුධ අත්අඩංගුවට ගැනීම සිදුනොකරන ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දන්වා සිටි අතර හිස්බුල්ලා විසින් අන්තවාදි සංවිධාන සඳහා ආයුධ ලබාදීම සිදුකළ බව සඳහන් කළ එඩිසන් මහතා තමන් නීතිය ක්‍රියාත්මක කිරිම දැඩිකළ නිසා හිස්බුල්ලා, අමිර් අලි, අතාවුල්ලා සහ රිෂාඩ් බදියුදීන් එක්ව තමන් නැගෙනහිර පළාතෙන් ඉවත්කළ බවයි.

හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා මේ අන්තවාදි කණ්ඩායම් බිහිවීම වළක්වන්න උපදෙස් ලබා දුන් අතර මේ අය සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට තර්ජනයක් වන බවත් භයානක කොටසක් බව පැවසු බවද ඒ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

අනතුරුව කොමිසම විමසා සිටියේ නැගෙනහිර පළාතේ ඉඩම් අනවරසයෙන් අල්ලාගැනිම් දිගින් දිගටම සිදුවුණේද යන්නයි?

ඔව් රජය සතු ඉඩම් අල්ලාගැනීම් දිගින්දිගටම සිදුවු බවත් තමන් සිටි කාලයේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සමග එක්ව රජයේ ඉඩම් ආරක්ෂාවට රතු සහ සුදු පාටින් යුත් කණු ගැසුවද ඔවුන් කැලෑ තුල සිට හෙළිකරමින් අක්‍රාමණය කළ බවයි.

මුස්ලිම් නිලධාරීන් පත්කරගෙන මෙම ක්‍රියාදාමය සිදුකළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි