නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ දෙහිවල බෝම්බකරු ඇල්ලීම බුද්ධි අංශ වරද්දාගත් හැටි

අසංක

අසංක

දෙහිවල නවාතැන් පොළකදී පාස්කු ඉරිදා දිනයේ බෝම්බයක් පුපුරවා ගත් ජමිල් මොහොමඩ් නැමැති අන්තවාදී ත්‍රස්තවාදියා බෝම්බ පිපුරුමට පෙර කොටු කර ගැනීමට තිබූ අවස්ථාවක් නිසි ලෙස බුද්ධි අංශ නිලධාරීන් ක්‍රියාත්මක නොවීම නිසා මගහැරී යාම පිළිබඳ පාස්කු කොමිසමේ දී අද අනාවරණය විය.

ඒ පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකු වන මොහොමඩ් අමීර් නැමැත්තා ලබාදුන් සාක්ෂියක් මගිනි.

බෝම්බකරු පාස්කු ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරවීමකට සූදානමින් සිට පසුව දෙහිවල නවාතැන් පොලකදී බෝම්බය පුපුරවාගෙන තිබුණි.

පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයෙක් වන මොහොමඩ් අමීර් නැමැත්තා විසින් ලබාදුන් සාක්ෂියකින් ඒ බව හෙළිවිය.

ටාජ් සමුද්‍රා හෝටලයේ සිට බෝම්බ බෑගයද රැගෙන ත්‍රී රෝද රථයකින් දෙහිවල ටොපිකල් ඉන් නැමැති නවාතැන් පොලට යන බෝම්බකරු එම බෝම්බ බෑගය එහි කාමරයක තබා දෙහිවල පිහිටි මුස්ලිම් දේවස්ථානයකටද ගොස් තිබේ.

පෞද්ගලික ආරක්ෂක සමාගමේ මොහොමඩ් අමීර්ට බෝම්බකරුව මුණ ගැසී ඇත්තේ එහිදීය.

තම ආයතන ප්‍රධානියා දැනුම් දුන් පරිදි දෙහිවල ප්‍රදේශයේ පිහි⁣ටි දේවස්ථාන ගොඩනැගිල්ලකට ආරක්ෂාව ලබා දිමක් සම්බන්ධයෙන් සොයා බැලිමට 21වන දින 12.45/1250 අතර කාලය තුල එහි ගිය බව ඔහු කොමිසම හමුවේ සදහන් කළේය. .

පසුව එම රාජකාරි අවසන් වි පිටතට පැමණේන විට දේවස්ථාන අසල ස්ථානයක යම පිරිසක් අතර බහින් බස් විමක් සිදුවන ආකාරය නිරික්ෂණය වු බවත් එම ස්ථානයට ගොස් ඒ පිලිබදව විමසා සිටි බවත් ඔහු සදහන් කළේය.

කොමිසම එහිදී විමසා සිටියේ එම ස්ථානයේ කුමක් සිදුවූයේදැයි කියාය. දේවස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් එම පුද්ගලයාගෙන් ප්‍රශ්නය කරමින් සිටි බව ඔහු එහිදී කියා සිටියේය.

එම නාදුනන පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කර ගැනීමට යම් විමසිමක් තමන් විසින් එහිදී කළ බවද ඔහු පැවැසීය. එවිට එම පුද්ගලයා තමාගේ අනන්‍යතාව විමසා සිටි බවද කීය. තමන් පොලිසියේ රාජකාරි සිදු කල පුද්ගලයෙක් බව පවසා එම පුද්ගලයාගේ හැදුම්පත ලබා දෙන ලෙස ඉල්ලිමක් කළ බවද ඔහු සදහන් කළේය. .

එවිට එම පුද්ගලයා රියදුරු බලපත්‍රයක් ලබාදුන් බවත් එහි තොරතුරුවලට අනුව එම පුද්ගලයා මොහොමඩ් ජමිල් නැමැති අයෙක් බවත් ආරක්ෂක සමාගම් සේවකයා සදහන් කළේය. එහි ඇති තොරතුරු සනාථ කර ගැනීමට නිවසට දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලිමක් කර සිටි බවත් තමන් සතුව දුරකථනයක් නොමැති බව ජමිල් පැවසූ බවත් ඔහු සදහන් කළේය. එහිදී තමා සතුව තිබුණු ජංගම දුරකතනය ලබාදෙමින් ජමිල්ට නිවසට දුරකතන ඇමතුමත් ගන්නා ලෙස පැවැසූ බවද ඔහු කීය.

“මා පිලිබදව ප්‍රශ්නය කරනවා මගේ විස්තර සපයන්න“ යැයි එවිට ඔහු සිය බිරිදට ඇමතුමක් රැගෙන දුරකතනය තමා අතට ලබාදුන් බවද ඔහු පැවසීය. එවිට ජමිල්ගේ බිරිද වු ෂිෆානා පැවසුයේ “ජමිල් රට ඉදන් ඇවිත් ගෙදර සිදුවු අරවුලක් හෙතුවෙන් නිවෙසින් පිටව සිටින බවයැයි“ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවකයා සදහන් කළේය. ජමිල්ගේ අනන්‍යතාව සහතික කර ගැනීමට පසුව ජමිල්ගේ නම දුරකථන අංකය හැදුම්පත අංකය බිරිදගෙන් ලබාගත් බවද ඔහු කීය. අනතුරුව බිරිදගේ විස්තරද ලබාගත් බවත් ඊට අනුව බිරිද බිරිද වු ෂිෆානා උමර් ලෙසත් ලිපිනය 125/23ලන්සියාවත්ත වැල්ලම්පිටිය සහ ඇයගේ දුරකථන අංකත් ලබාදුන් බව ඔහු කීය.

ලබාගත් තොරතුරු මත සැකයක් ඇති නොවු හෙයින් ජමිල්ට යාමට ඉඩ දුන් බව සක්ෂිකරු සදහන් කළේය.“

විනාඩ් 5කට විතර පස්සේ ජමිල් රැගෙන යන්න එනවා කියලා එයා දැන් අසල සිටිනවාද කියල විමසමින් දුරකතන ඇමතුමක් ආවා.“ යැයිද ඔහු සදහන් කළේය. ජමිල් දෙහිවල මුහුදුබඩ මර්ගය ඔස්සේ වැල්ලවත්ත පැත්තට ගමන් කල බව සදහන් කළ බවද ඔහු පැවැසුවේය .

යලිත් විනාඩ් 10කට පමන පසු ජමිල් අසල සිටිනම් රදවා ගන්නා ලෙස පෙර පුද්ගලායාලේ හඩින් ෂිෆානාගේ දුරකථන අංකයෙන් ඇමතුමක් ලැබුනු බවත් ජමිල් එවිට එම ස්ථානයේ නොසිටි නිසා ප්‍රතිචාරයක් නොදක්වා දුරකථනය විසන්දි කල බව සාක්ෂිකරු සදහන් කළේය..

ඉන් අනතුරුව තම රාජකාරි අවසන්කර පස්වරු 5ට පමන තම නිවසේ රැදි සිටින අවස්තාවේ යුද හමුදා බුද්ධි අංශයෙන් බව පවසමින් දුරකථන ඇමතුමක් ලැබුනු බවද සාක්ෂිකරු සදහන් කළේය. තාමාව හමුවිමට අවශබව එම ඇමතුමෙන් කියැවුණු බවද ඔහු කීය.

ඒ අනුව ඔහු දන්වා සිටි ස්ථානයට ගිය බවද සාක්ෂිකාර පුද්ගලික ආරක්ෂක අංශ සේවකයා පැවැසීය. එහෙත් එම ඇමතුම දුන් පුද්ගලයා නොපැමිනිම හේතුවෙන් වැල්ලවත්ත
පොලිසියට ගොස් ඒ බව පැමිණිලි කළ බවද ඔහු සදහන් කළේය.

.එම අවස්ථාවේ අදාල බුද්ධි නිලදාරින් යලිත් දුරකථන ඇමතුමක් ලබාදි වැල්ලවත්ත පොලිසියට පැමින තමා හමුවු බවත් එවිට ඔවුන් බුද්ධි අංශ නිලදාරි බවට තහවුරු කර ගැනිමිට තම ආයතන ප්‍රධානියාට කතා කල බව සක්ෂිකරු පැවසුවේය.

එවිට කොමිස විමසා සිටියේ ආයතන ප්‍රධානියා බුද්ධි නිලදාරියෙක්ද යන්නයි.

පිලිතුරු ලබාදෙමින් සක්ෂිකරු කියාසිටියෙ ඔහු හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු බවයි.

එම නිලදාරින් සමග බොම්බ කරු රැදි සිටි මුස්ලිම් දෙවස්තානය අසලට ගිය බවත් එම අවස්ථාවවේදි එම නිලදාරියෙකුගේ ජංගම දුරකථනයට ඡායාරුපයක් ලැබුනු බවත් එය ජමිල් මොහෙමඩ්ගේ රියදුරුබලපත්‍රය බවත් ඔහු කීය. එම බලපත්‍රයේ ඡායාරුප⁣ය සැසදිම නිසා එම නිලදාරින් “වැඩේ ඉවරයි “ යැයි පවසා යලිත් වැල්ලවත්ත පොලිසියට තමන් ගෙනවෙත් දැමු බව සාක්ෂිකරු සදහන් කළේය.

එවිට කොමිසම ප්‍රශ්නය කර සිටියේ ජමිල්ගෙ බිරිද සමග කතාකර විනාඩි පහකට පසු ලද දුරකථන ඇමතුම් දෙක බුද්ධි අංශ අයගෙන් යැයි විශ්වාසද යනුවෙනි.

ෂිෆානාගේ වැල්ලම්පිටිය නිවසේ සිට කතාකල පිරිමි පුද්ගලයාගේ හඩත් බුද්ධි නිලදාරින් බවට පවසමින් පසුව තමාට කතා කල හඩත් එකම හඩක් බවය.

එහිදි කොමිසම විමසා සිටියෙ බුද්ධි නිලදාරින් පලමු ඇමතුමේදිම ඔවුන් බුද්ධි නිලදාරින් බවට සදහන්කලේනම් ජමිල් මොහමඩ් නවතාගැනිම⁣ට හැකියාව තිබුනෙද යන්නය .

ඊට පිලිතුර ලබාදෙමින් සාක්ෂිකරු සදහන්කලේ තම උපරිමයෙන් එය සිදුකිරිමට හැකියාව තිබු බවය .

පසුව කොමිසම විමසා සිටයේ දෙහිවල දේවස්තානය ඉදිරිපිට සිදුවු ආරවුලෙදි තමා මැදිහත් නොවුනෙනම් ජමිල්ව අසල සිටි පිරිස් පොලිසියට බරදි මේ ප්‍රහාරය වැලකෙන්නට තිබුනා නෙද යන්නය.

සාක්ෂිකරු ප්‍රකාශ කලේ ඔහුගේ විස්තර ලැබා ගැනිම හේතුවෙන් ඔහු පිලිබදව සැකයක් ඇති නොවු බවයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී