නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුරු නොසළකා හැරිය හැටි ගැන අලුත් හෙළිදරව්වක්

අසංක

අසංක

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය වීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් නිසි පියවර නොගත් කොළඹ උතුරු කොට්ඨාශ භාරව සිටි පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා ප්‍රහාරයෙන් පසුව කොළඹ උතුරු කොට්ඨාශයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට බලපෑම් කරමින් කල්තියා තොරතුරු ලැබුණු බවටත් එම තොරතුරු අනුව ක්‍රියාත්මක වූ බවටත් ව්‍යාජ සටහන් යොදා ඇතැයි ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමින් කොටහේන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා හෙළි කරයි.

සංජීව බණ්ඩාර මහතා විසින් බලහත්කාරයෙන් එම තොරතුරු පෙර ලද බවට පොලිස් පොත්වල සටහන් තබන ලෙස බලපැම් කළ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වී ඇත.

එමෙන්ම තොරතුර ලැබූ පසුව කොටහේන දේවස්ථානයේ පවා ආරක්ෂාව තර කළ බවට ද ව්‍යාජ ලෙස එම සටහනේ යොදා තිබේ.

මෙම බලපෑමට යටත් නොවී එය වරදක් බවට පවසමින් එසේ ලිවීමට එරෙහි වී ඇත්තේ වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා පමණක් බවට ද මෙහිදී හෙළිවී තිබේ.

කොටහේන දේවස්ථානය වෙත එල්ලවූ ප්‍රහාරයට පෙර එහි ආරක්ෂාව තරකොට පල්ලිය බේරාගැනීමට තිබියදී එය නොසළකා හැරි සංජීව බණ්ඩාර මහතා මේ වනවිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස උසස්වීමක් ලබා කළුතර උතුර භාර ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?