නවතම පුවත්

පැය 24ක් තුළ කොරෝනා නීති කඩකළ 3000ක් පොලිස් භාරයට

අසංක

අසංක

නව කොරෝනා වසංගතය පාලනය සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය නීති කඩ කළ පුද්ගලයින් 3061 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබේ.

මුඛ ආරණ නොමැතිව මහමග සැරිසැරූ සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් අය මෙලෙස අද (19) අළුයම 5.00 න් අවසන් වූ පැය 24 තුළ පොලිස් භාරයට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අයගෙන් 2093 දෙනෙක්ම පොලිස්භාරයට ගෙන ඇත්තේ මුඛ ආවාරණ නොමැතිව මහමග ගමන් කිරීම් සහ පොදු ස්ථානවල ගැවසීම් සම්බන්ධයෙනි.

පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ සෙසු 968 දෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ සමාජ දුරස්ථභාවය නිසි ලෙස තබා නොගෙන කටයුතු කිරීම හේතුවෙන් බවයි.

මෙම පුද්ගලයින් සියළු දෙනාටම අවවාද කර මුදා හැර ඇත.

එහෙත් ඉදඉදිරියේදී නිරෝධායන නීති පිළි ගැනීමකින් තොරව ජනතාව කටයුතු කරන්නේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි