නවතම පුවත්

“පියා වගේ රට වෙනුවෙන් මහපාරේ මැරෙන්න මං ලෑස්තියි”-සජිත්

අසංක

අසංක

“”මං බයනැති මිනිහෙක්. මං බය නැති නිසා තමයි ජනතාවගේ කරපිටින් මේ වේදිකාවට ආවේ. නොවැම්බර් මාසයේ යන්න ඕනෙ තැනට යන්න මම ලෑස්තියි. මගේ පියා වගේ මහපාරේ රට වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන්න මම ලෑස්තියි.” යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පිළිගැනීම වෙනුවෙන් මේවනවිට බදුල්ලේ පැවැත්වෙන ජනහමුව අමතමින් හෙතෙම මේ බව කියාසිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් දවසේ 24 පැයම දින 365ම මාතෲභූමියට වැඩකරන අභිමානවත් දේශයක් නිර්මාණය කරන බව ඔබට සහතික කරනවා.

රාජකාරිය කියන්නේ තාවකාලික භාරයක් විතරයි. ඒක ලැබෙන්නේ ජනතාවගෙන්. දක්ෂයාට තැන දෙන රාජ්‍ය පාලනයක් අපි බිහිකරනවා.

දේශීය ව්‍යාපාරිකයින් ශක්තිමත් කරලා අපේකමට මුල්තැන දීලා ඉල්ලකගත ක්‍රමවේදයක් තුළින් රට දියුණු කරනවා. හැම උපදිසාපති කොට්ඨාශයකම ජාත්‍යන්තර මට්මේ අධ්‍යාපන ලබාදෙන ආයතන පිහිටුවනවා.

සංවර්ධනය තුළින් හැමෝම දිනන්න ඕන. කොටසකට විතරක් සහන ලබා දීලා හරියන්නේ නැහැ. මේ රටේ ජාතික ආදායමෙන් 54%ක්ම භුක්ති විඳින්නේ පොහොසත්ම අය. 20%ක් වන මෙරට දුප්පත්ම අයට හැමදාම කුඩම්මාගේ සැළකිළි. ඔවුන්ට ලැබෙන්නේ 4%ක් පමණයි.

රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන අතරම රණවිරුවන්ගේ අභිමානය සුරකින ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. හැමදෙනාටම ප්‍රතිලාභ ලැබෙන, හැමදෙනාම දිනවන දේශයක් බිහිකරනවා. හිතක් පපුවක් ඇති මිනිහෙක් විදියට පුංචි මිනිහාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මම ලෑස්තියි. සජිත් සමග සියලු දෙනාම එකතුවන්න. අපි එක්වී රට දිනවමු “

“මැදමුලන ‘ගේ’ වෙනුවට රටටම ගෙවල් දෙන යුගය ඇවිත්” – රංජිත්

“මහින්ද නැතිවෙද්දී තවත් කෙනෙක්. SLFP, සන්ධානෙ, පොහොට්ටුවේ කොයන අය හොරකම් කළේ බුරුතුපිටින්. ඔවුන්ගේ එක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තිබුණූ චෝදනාව තමයි කාන්තාවන් 500ක් දූෂණය කිරීම. ඔන්න ඔහොමයි ඒ අයගෙ වැඩ. රාජපක්ෂගේ මැදමුලන ‘ගේ’ වෙනුවට මුළු රටටම ගෙවල් හදන යුගයක් සජිත් ප්‍රේමදාස ගෙනල්ලා තියෙන්නේ” යැයි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පවසයි.

“අපේ පක්ෂේ පවුල් නෑ” – හරීන්

“පොහොට්ටුවේ අයියා මල්ලිව ගේනවා. මල්ලි අයියව ගේනවා. අපේ පක්ෂේ පවුල් නෑ. ආර්.ප්‍රේමදාස කියන්නේ ජනතාවගේ දහදිය සුවඳ හඳුනන කෙනෙක්. එහෙව් නායකයෙක්ගේ පුතෙක් අපිට කොච්චර වටිනවද? අපි රැල්ලට බයත් නෑ” යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

බදුල්ලේ විල්ස්පාර්ක් ක්‍රීඩාංගනයේ මේ වනවිට පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම ජනහමුව සංවිධානය කරන ලද්දේ ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසිනි.

‘UNP අපේක්ෂකයා නම් කළ දවසට රටම දෙවනත් කරනවා’ – රවීන්ද්‍ර

“මේ ආරම්භයක් විතරයි. එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් කළ දවසට අපි රටම දෙවනත් කරනවා. මේක පෙරහුරුවක් විතරයි.” යැයි රවින්ද්‍ර සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ බදුල්ලේ පැවැත්වෙන මහා ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවැසීය.

බදුල්ලට ජනගගක් – සජිත් කරමතින් පැමිණෙයි

බදුල්ලේ ‌මේ වනවිට පැවැත්වෙන ඒක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ‌ප්‍රේමදාස මහතා පිළිගැනීමේ ජනහමුව ‌වෙත ඔහු පැමිණ තිබේ.

ජනතාව ඔහු පිළිගෙන ‌වේදිකාව අසලට ‌ගෙන ආවේ කර මතිනි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‌මෙම ජනහමුව සදහා ක්‍රීඩාංගනය පිරී ඉතිරී යන තරමේ ජනතාවක් පැමිණ සිටිනු දක්නට හැකිය.

නිල ‌නොවන මට්ටමින් ඒක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌ලෙස කතාබහ ‌කෙරෙන්නේ අමාත්‍ය සජිත් ‌ප්‍රේමදාස මහතා පිළිබදවයි.

ඔහුට ඇති ජනතා ආකර්ෂණය ‌පෙන්වීම සදහා ‌මෙම රැළිය පැවැත්වෙන බව සදහන් ය.

මේ වනවිට බදුල්ල නගරය ජනයාගෙන් පිරී ‌ගොස් ඇති ආකාරය දක්නට හැකිය.

කෙසේවෙතත් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‌ෙමෙම ස්ථානයට පැමිණ ඇතැයි තවමත් දක්නට නැත

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී