නවතම පුවත්

පිසෝල් ග්ලැසියරයත් මියයයි

අසංක

අසංක

කළු පැහැ ඇදුමින් සැරසුණු ස්විස්ටර්ලන්ත වැසියන් පිරිසක් අඩි 8850ක් උසැති ඊයේ ග්ලාරූස් කදු මුදුන් වෙත ගියේ පිසෝල් ග්ලැසියරයේ අවමංගල්‍යය ස්මරණය කිරීම වෙනුවෙනි.

පෙර නොවූ විරූ ආකාරයෙන් වේගවත් වී ඇති ගෝලීය උණුසුම හා බැදුණු කාලගුණ විපර්යාසයේ බලපෑමෙන් මෙලෙස මාසයක කාලයක් තුළ මියගිය බවට සැළවූ දෙවැනි ග්ලැසියරය මෙයයි.

පසුගියදා මෙවැනිම වමංගල්‍යයක් පැවැත්වුණේ වසර 700කට වඩා පැරණි ඔක්ජෝකුල් ග්ලැසියරයේ මියයාම අනුස්මරණය වෙනුවෙනි.

ඊසානදිග ස්විස්ටර්ලන්තයේ ග්ලාරූස් කදු මුදුන්හි පිහිටා තිබූ පිසෝල් ග්ලැසියරයේ විශේෂත්වය නම් කදු මුදුනත රවුම් කුහරයක් මෙන් පිහිටි අයිස් තට්ටුවලින් වැසීගත් ක්‍රීඩාංගනයක් ආකාරයෙන් දිස්වූ ස්ථානයයි. අද වනවිට එහි ජලය සුළු ප්‍රමාණයක් පමණක් තිබෙනු දැකගැනීමට පවා කම්පනයක් ඇතිකරවන දසුනකි.

විද්‍යාඥයින් පවසන්නේ 2006 වසරේ සිට සමස්ත ග්ලැසියරවල 80%කින් තම අයිස් තට්ටු අහිමිවෙමින් පවතින බවයි. ඉතා වේගවත් ලෙස සිදුවන ගෝලීය උණුසුම මීට හේතුවී තිබේ.

ස්විස්ටර්ලන්තය පවසන පරිදි වසර 2050 වනවිට ඔවුන්ට තමන්ට හිමි ග්ලැසියරවලින් 50%ක්ම මියගොස් හුදෙක් කදු පමණක් ඉතිරි වනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි