නවතම පුවත්

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම සඳහා රජය ශක්තිමත් තීරණ ගෙන තිබෙනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පුරාවිද්‍යා ආඥාපනතේ විධිවිධාන අනුව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම සඳහා රජය ශක්තිමත් තීරණ ගෙන තිබෙන බව  නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (3) දින පාර්ලිමේන්තුවේදි ඔහු මේ පිළිබඳව අදහස් දැක්විය.

පුරාවිද්‍යා ස්ථානවලට හානිකරන පුද්ගලයන්ට ලබාදෙන දඬුවම් වැඩිකර තිබෙන බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිවිටෙක ජාතීවාදිව හෝ ආගම්වාදිව කටයුතු නොකරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම  සඳහා පුරාවිද්‍යා ප්‍රාදේශීය සහකාරක අධ්‍යක්ෂවරුන්, කලාප භාර නිලධාරින්, පුරාවිද්‍යා සහායකයින් පුරාවිද්‍යා කම්කරුවන්,  සිවිල් ආරක්ෂක කමිටු රැකවල්කරුවන්, පොලිස් පුරාවස්තු ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා තිබෙන බවත්, හදිසි අවස්ථාවලදී  ඇමතුම් ලබාදීම සඳහා ක්ෂණික අංක 1915 අංකය හඳුන්වාදී තිබෙන බවත් අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද  මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත හා 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව  පුරාවිද්‍යා වටිනාකමින් යුත් පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක නම් කරන බවත්, මෙම ස්ථානවල ක්‍රියාත්මක විමේ වගකීම ඇති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සුදුසුකම් ලත් නිලධාරින් යොදවා මෙම කාර්යය දැනට ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

1815 මාර්තු 02ට පෙර සිට පැවතගෙන එන පුරාවිද්‍ය ස්ථානයන් හා පුරා වස්තු  පැරණි ස්මාරකයන් ලෙස ප්‍රකාශයට පත්නොකලද  ආරක්ෂා කළ යුතු ස්ථාන ලෙස සලකන බවත්, උතුරු නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන පුරාවිද්‍යා ආඥ පනතෙ විධිවිධාන අනුව  ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි