නවතම පුවත්

පූජිත්-හේමසිරි සහරාන්ගෙන්ගේ පඩි ගත්තාදැයි විමර්ශනයක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳව වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බව නීතිපතිවරයා අද(06) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

2016 වසරේ සිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා එම වාර්තා ලබාදී ඇත.

ඇප මත මුදාහැර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ ඇප නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධනය පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ එය විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතායි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ පොලිස්පති හා ආරක්ෂක ලේකම්වරයා වෙත ලබාදුන් බුද්ධි වාර්තා 347න් වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ දෑස්වල අවධානය සඳහා යොමු කර තිබූ බවයි.

තවත් බුද්ධි වාර්තා 97ක් ආරක්ෂක ලේකම්වරයාගේ දෑස්වල අවධානය සඳහා යොමු කර තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එතරම් විශාල බුද්ධි වාර්තා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණද ඒවා කියවීමට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර නොමැති බව පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා තිබුණි.

මන්ද එය කියවා තිබුණේ නම් පාස්කු ඉරුදින  වූ මහා ඛේදවාචකය වළක්වාගැනීමට හැකියාව තිබුණු බව හෙතෙම කීය.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම අප්‍රේල් මස 4 වනදා රාජ්‍ය බුද්ධි සේවය වෙත තොරතුරු ලැබී තිබේ.

එය එම අවස්ථාවේදීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බවත්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බළකායට යට ඇඳුම හැර සියලුම පහසුකම් මහජන මුදලින් සපයා දෙන බැවින් මහජනයාගේ ආරක්ෂාව  තහවුරු කිරීමට ඔවුන්ට සුවිශේෂී වගකීමක් පවතින බව ද හෙතෙම අවධාරණය කළේය.

එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු දැන සිටිය දී අප්‍රේල් මස 09 වනදා පැවති බුද්ධිඅංශ සමාලෝචන රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිවක් සාකච්ඡා කර නොමැති බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා චෝදනා කරයි.

 ඔවුන් දෙදෙනා සහරාන් හෂීම්ගේ පඩි ලැයිස්තුවේ ඇතුළත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදු කෙරෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 19 වනදා සහ 20 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණය තීන්දු කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි