නවතම පුවත්

පෘථිවියෙන් එහා සිදුවූ අපරාධයක් ගැන නාසා පළමු අපරාධ විමර්ශනය අරඹයි

අසංක

අසංක

අභ්‍යාවකාශයේ සිදුවූ පළමු අපරාධය පිළිබද විමර්ශනයක් පැවැත්වීමට නාසා ආයතනයට සිදුව තිබේ. ඒ අජටාකාශගාමිනියක වන ඈන් මැක්ලෙයින් විසින් දික්කසාද බිරිදගේ බැංකු ගිණුම් නාසා ආයතනයේ පරිගණක ආශ‍්‍රයෙන් භාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙනි.

මුල්‍ය අපරාධය සිදුකොට තිබුණේ ඈන් පසුගිය වසරේ මාස 6ක කාලයක් තිස්සේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කටයුතු කරමින් සිටින අතරතුර ය. ඈන්ට මේ චෝදනාව එල්ලවන්නේ ඇයගේ සමලිංගික විවාහයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙසයි.

2014 දී සමලිංගික විවාහයකට ඇය එළැඹුණේ සමර් වෝර්ඩන් නමැති කාන්තාව සමගයි. සමර් අමෙරිකානු ගුවන් හමුදාවේ හිටපු බුද්ධි නිලධාරිනියකි. ඈන් ද නාසා ආයතනයට ඒමට පෙර අමෙරිකානු හමුදාවේ ලූතිනන්වරියකි.

විවාහයට වසරකට පෙර සමර් දරුවාට උපත දී තිබුණේ කෘත‍්‍රිම ලෙස ගැබ් ගැන්වීමෙනි. මේ දෙදෙනා 2018 දී වෙන්වී තිබුණේ ඈන් විසින් සමර්ට වධහිංසා කරන බවට චෝදනා එල්ල කරමිනි. නමුත් මේ දෙදෙනා 6 හැවිරිදි දරුවාගේ භාරකාරත්වය ලබාගැනීමේ සටනක තවමත් නිරත වී සිටිති.


සමර් විසින් ඈන්ට එරෙහිව චෝදනා සහිත නඩු පවරා තිබුණේ ෆෙඩරල් වාණිජ කොමිසම වෙතය. සමර් පවසන්නේ පෘථිවියේ පවා නොසිටි අවස්ථාවක ඈන් තමන්ගේ බැංකු ගිණුම් පරිහරණය කිරීම තමාට සිතාගත නොහැකි වූ බවයි. සමර්ගේ මාපියන් මෙම පැමිණිල්ල නාසා ආයතනයේ පොලිස් ප‍්‍රධානියාට පවා ඉදිරිපත් කර ඇත. නාසා ආයතනයට සිය පළමු අපරාධ විමර්ශනයට එළැඹීමට සිදුවන්නේ එතැන් සිටයි.


සමර්ගේ මාපියන් පවසන පරිදි මැක්ලේන්ගේ මෙම ක‍්‍රියාව ඔවුන් දෙදෙනාගේ පුතාගේ භාරකාරත්වය ලබා ගැනීමට ඈන් විසින් දැරූ උත්සාහයේ කොටසකි. කෙසේවෙතත් නාසා පොලිස් ප‍්‍රධානියාට මෙතැනදී විමර්ශනයට සිදුවන පළමු කරුණ වන්නේ දික්කසාද වීමෙන් අනතුරුව සමර්ගේ අනන්‍යතාව ඉදිරිපත් කර සමර්ගේ ඔන්ලයින් බැංකු ගිණුම් ඈන් විසින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටියදී භාවිත කළේ කෙලෙස ද යන්න පිළිබදයි. එතැනදී සමර්ගේ බැංකු තොරතුරු, හැදුනුම්පත්, පාස්වර්ඞ් ආදිය සොරාගැනීම සම්බන්ධයෙන් ඈන්ට චෝදනා එල්ල වී තිබේ.


මේ චෝදනාවලට පිළිතුරු දෙමින් ඈන් පෙන්වා දෙන්නේ දරුවාට වියදම් කිරීමට තරම් සමර්ට මුදල් තිබේද යන්න පිළිබද සොයාබැලීම සදහා සමර්ගේ බැංකු ගිණුමේ ඇති මුදල් තත්ත්වය පමණක් තමන් විමසා බැලූ බවයි. සමර් තවමත් බැංකු කටයුතු සදහා භාවිත කරනුයේ තමා සමග එකට සිටින කාලයේදී භාවිත කළ පාස්වර්ඞ්ම බවත් ඒවා භාවිත නොකිරීමට සමර් තමාට පවසා නැතැයි ද ඈන් පවසා තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි