නවතම පුවත්

පෘථිවිය කරා ආ ග්‍රාහකයකින් අද නූලෙන් බේරෙයි

අසංක

අසංක

පෘථිවියෙහි ගැටීමට තිබූ ග්‍රාහකයක් මේ වනවිට පෘථිවියට ඉතා සමීපයෙන් නොගැටී ගමන් කරන බව නාසා ආයතනය පවසයි.

2019 PK නමැති මෙම ග්‍රාහකය හදිසියේම දැක ගත හැකිවී ඇත්තේ මීට සති දෙකකට පෙරයි.

එතැන් සිට 39 වාරයක් ග්‍රාහකය පිළිබඳ චන්දිකා දත්ත විද්‍යාඥයන් ලබගෙන තිබුණේ එහි වේගය හා ප්‍රමාණය අනුමාන කරගැනීම සඳහායි.

මීටර් 23 හා මීටර් 51ක විෂ්කම්භයකින් යුතු මෙම ග්‍රාහකය ලන්ඩනයේ ධාවනය වන ඩබල් ඩෙකර් බස් රථ දෙකක තරම් විශාලත්වයෙන් යුතු බව පැවසේ.

පැයට කිලෝමීටර් 16,486ක වේගයකින් ගමන් කරන ග්‍රාහකය පෘථිවියේ ගැටී වායුගෝලයේ දී පුපුරා යාමට ඉඩකඩ තිබූ බව විද්‍යාඥයන්ගේ අදහසයි.

එවැන්නක් සිදුවූයේ නම් 2013 වසරේදී අනපේක්ෂිත ලෙස රුසියාවට කඩාවැටුණු චෙල්‍යාබින්ස්ක් උල්කාපාතයෙන් පුද්ගලයන් 1000කට පමණ තුවාල සිදුවූවා මෙන් හානියක් වීමට ඉඩකඩ තිබූ බව ද පැවැසේ.

මෙම ග්‍රාහකය කඩාවැටුණේ නම් ලන්ඩනයට කඩාවැටීමට ඉඩකඩ තිබුණි.

කෙසේවෙතත් එය පෘථිවියේ නොගැටී එහෙත් ඉතාම සමීපයෙන් අද පෙරවරුවේ ගමන් කරනු ඇති බවට නාසා ආයතනය නිවේදනය කර තිබුණි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී