නවතම පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ පළමු වරට සමස්ත ජයග්‍රාහකයා ශ්‍රී ලාංකිකයෙක්

අසංක

අසංක

පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගයේ ශ්‍රී ලාංකිකයකු පළමු වතාවට සමස්ත ජයග්‍රාහකයා බවට පත්වෙමින් මෙවර එම ජයග්‍රහණය කර ඇත්තේ කන්යා ඩී අල්මේදාගේ ‘I Cleaned the –’ කෙටි කතාවට ය.

එම තරගයේ සමස්ත ත්‍යාගය දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන කාන්යා ඩී අල්මේදා ආසියානු කලාපය වෙනුවෙන් මෙම ත්‍යාගය දිනාගත් දෙවැන්නා ද වේ.

සමස්තයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 50 කින් කෙටි කතා නිර්මාණ 6423 ක් අභිබවා ඇය මෙම ජයග්‍රහණය දිනාගෙන ඇත.

ගෘහසේවය, අතහැර දැමීම, නාන කාමර දොරවල් පිටුපස ගොඩනැඟෙන ආදර සබඳතා සහ මිනිස් අපද්‍රව්‍ය ආදිය ගැන ඇයගේ ‘I Cleaned the –’ (මම පිරිසිදු කළා…..) කෙටි කතාව තුළ නිර්මාණය වී තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය පදනම විසින් ජුනි 30 වන දින ඔන්ලයින් සම්මාන උළෙලකදී කන්යා ඩී අල්මේදාගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන ලදී.

එහිදී සැම්බියානු කතුවරියක් වන මුබංගා කාලිමමුක්වෙන්ටෝ, ශ්‍රී ලංකා නිළි රන්මලි මිර්චාන්දනි, බ්‍රිතාන්‍ය නිළි ලින්ඩ්සේ මාෂල්, ජැමෙයිකානු කතුවර කී මිලර් සහ ඕස්ට්‍රේලියානු නිළි ෆ්‍රැන්චෙස්කා සැවිගේ කතා ද ඊට ඇතුළත් විය.

2021 කලාපීය ජයග්‍රාහකයින් වන්නේ, අප්‍රිකානු ජයග්‍රාහකයා වන රෙමී නගමිජේ (නැමීබියාව), ආසියාවේ ජයග්‍රාහකයා වන කන්යා ඩී අල්මේදා (ශ්‍රී ලංකාව), කැනඩාව සහ යුරෝපා ජයග්‍රාහකයා වන කැරොල් ෆරෙලි (එක්සත් රාජධානිය), කැරිබියානු ජයග්‍රාහක රෝලන්ඩ් වොට්සන්-ග්‍රාන්ට් (ජැමෙයිකාව) සහ පැසිෆික් ජයග්‍රාහක කැටරිනා ගිබ්සන් (ඕස්ට්‍රේලියාව). කාන්යා සමස්ත ජයග්‍රහණය දිනාගත්තේ මෙම ජයග්‍රාහකයන් ද අභිබවමින් ය.

ඔන්ලයින් උත්සවයේ ජයග්‍රාහකයන්ගේ නම් ඉදිරිපත් ප්‍රකාශයට පත්කර ලද්දේ බ්‍රිතාන්‍ය-ජැමෙයිකානු නිළි ඩෝනා ක්‍රොල් විසින් වන අතර ඇය ශ්‍රී ලංකාවේ කොළඹ පදිංචි කන්යා ඩී අල්මේදා ජයග්‍රාහකයා ලෙස නම් කරන ලදී.

පොදු රාජ්‍ය මණ්ඩලයීය කෙටි කතා ත්‍යාගය-2021 විනිශ්චය කරනු ලැබුවේ ජාත්‍යන්තර ලේඛක මණ්ඩලයක් විසිනි.

ඒ සෑම විනිසුරුවරයෙක්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ කලාප පහෙන් එකක් නියෝජනය කරන අතර දකුණු අප්‍රිකානු ලේඛක සෝයි විකොම්බ්ගේ සභාපතිත්වයෙන් යුක්ත විය.

විනිසුරු මඩුල්ලේ අනෙක් සාමාජිකයන් වන්නේ නයිජීරියානු ලේඛක ඒ. ඉගෝනි බැරට් ය, බංග්ලාදේශ ලේඛක, පරිවර්තක සහ සංස්කාරක කදමුල් ඉස්ලාම්, බ්‍රිතාන්‍ය කවියෙකු හා ප්‍රබන්ධ ලේඛකයෙකු වන කීත් ජැරට්, ජැමෙයිකානු පරිසර ක්‍රියාකාරිනියක, සම්මානලාභී ලේඛිකාවක සහ 2012 කැරිබියානු කලාපීය ජයග්‍රාහකයා ඩයනා මැකෝලේ, සහ 2016 නවසීලන්තයේ පැසිෆික් කලාපීය ජයග්‍රාහකයා සහ සම්මානලාභී කතුවර ටීනා මැකෙරෙටි යන අයයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් කන්යා ඩී අල්මේදා පවසන්න් මෙවැන්නකි. “මේ මොහොතේ පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා ත්‍යාගය දිනා ගනිමින් ගෝලීයව නැගිසිටීම ඉමහත් ගෞරවයක් වගේම ඒ හා සමානව විශාල වගකීමක් ලෙස මට හැඟේ. මිනිස් පරිකල්පනය අපගේ පැවැත්ම ස්ථිර කරගැනීම සඳහා හොඳම දේ ලබා දිය හැකි කාලවලදී, ලේඛකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න එය මගෙන් ප්‍රශ්න කරයි.

ප්‍රබන්ධය යනු මුළුමනින්ම සිතා ගත හැකි පෘථිවියේ අවසාන ‘නිදහස්’ ස්ථානය බව මට බොහෝ කලක් තිස්සේ හැඟී ගොස් තිබුණි. බොහෝ විට අශෝභන පද්ධතීන් සඳහා වන රැඩිකල් විකල්ප විසින් අපව පාලනය කරයි.

ජීවිතයේ සුන්බුන් හාරමින්, ආශීර්වාදයකට වඩා වැඩි සුළු හෝ ගෞරවයක් සොයනා ශ්‍රී ලංකාවේ වයස්ගත කාන්තාවන්, අසරණයන් දෙදෙනෙකු පිළිබඳ කතාවක් සඳහා ත්‍යාගයක් දිනා ගැනීම, හරියට බලයක් නැති අයට එක්වීමට, එක්ව සිනාසීමට, සහ ජයගැනීමට ක්‍රම සොයාගන්නැයි බලකෙරෙන විශ්වයෙන් ආ නියෝගයක් වැනි ය.” යැයි කන්යා ඩී අල්මේදා පවසන්නීය.

එම කෙටිකතාව නිල වශයෙන් පහත යොමුවෙහි පළකර ඇත.

කාන්යා ඩී අල්මේදාගේ I cleaned the …… කෙටෙිකතාව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්