නවතම පුවත්

පොලිස්පතිගේ පෙත්සම සළකා බැලීම කල් යයි

අසංක

අසංක

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨොධිකරණය නියම කරයි.

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී විනිසුරුවරු සඳහන් කර සිටියේ මෙම පෙත්සම සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු බවයි.

එබැවින් මෙම පෙත්සම පිළිබඳ සලකා බැලීම සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබුණි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

2018 වසරේ පටන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති අන්තර් සබඳතාවයේ  යම් පළුදු වීමක් තමා නිරීක්ෂණය කළ බව පොලිස්පතිවරයා මෙහිදී පවසා තිබේ.

තමා එම පාර්ශව දෙකටම පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව රජයේ නිලධාරියෙකු ලෙස තම රාජකාරිය ඉටුකළ බවද හෙතෙම මහතා පවසා ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයක් පරිදි තමන් ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම සඳහා කැඳවූයේ නැතැයි පූජිත් ජයසුන්දර මහතා පවසා ඇත.

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරු ලැබුණු අවස්ථාවල තමන් ඒ පිළිබඳව එවක ආරක්ෂක ලේකම්වරයාට සහ තමා යටතේ සිටින ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරු සිව් දෙනා දැනුවත් කළ බව ද පවසා තිබේ.

බුද්ධි ප්‍රධානියා තමන්ට කරුණු වාර්තා කිරීමක් නොකරන බව පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඔහුගේ බුද්ධි වාර්තා සෘජුවම ජනාධිපතිවරයා වෙත යොමුකරන බව ද ඔහු සඳහන් කර තිබේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්