නවතම පුවත්

පොලිස්පති බන්ධනාගාරයට ගෙනයන දර්ශන මාධ්‍යයේ පළකිරීම නින්දාවක් – RSPOA

අසංක

අසංක

දම්පත් රණසිංහ 

 

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාංචු ඇතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් සමඟ ගෙනයාම මාධ්‍ය මගින් පළකිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු පොලිස් නිලධාරීන්ගේ මානසික කඩාවැටීමට හේතුවන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සම්මේලනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වාදෙන්නේ සෙසු අපරාධකරුවන් මෙන් ඔහු එලෙස රැගෙන යාම 80000ක් පමණ වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහුට හා ඔහුගේ නිලයට ද කරනු ලබන නිගාවක් බවයි.

මෙතෙක් කිසිදු වංචාවකට හෝ අපරාධයකට වරදකරු වී නොමැති පොලිස්පතිවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම නිසා මිසක අපරාධකරුවකු ලෙස නොවන බවට නිවේදනය මගින් සිහිපත් කර තිබේ.

එබැවින් වගකිවයුතු නිලයක් දරන පොලිස්පතිවරයා බන්ධනාගාරය හා අධිකරණයට රැගෙන යාමේ වීඩියෝ හෝ ඡායාරූප මාධ්‍ය මගින් පළකිරීම වළකාලන ලෙස එම සම්මේලනය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි