නවතම පුවත්

පොලිස් නිල සුනඛයන් වෙන්දේසියෙ දාන ඇත්ත කතාව

අසංක

අසංක

විශ්‍රාම ගන්වන පොලිසියේ නිල සුනඛයින් වෙන්දේසි කිරීම ගැන සමාජයේ ඇත්තේ උණුසුම් කථාබහකි. සත්ත්ව හිංසනය පිටු දකින බොහෝ සංවිධාන මේ සම්බන්ධයෙන් සොයා බලා නිවරැදි තොරතුරු වාර්තා කරන්නයැයි www.thecolomboexpress.com වෙබ් අඩවියෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියා.

ඔබ සියලු දෙනා වෙනුවෙන් අප සොයාගත් තොරතුරු මෙසේ පළ කළ යුතුයැයි කල්පනා කරන්නට තීරණය වුයේ ඒ නිසයි. මේ ගැන කරුණු සොයාගෙන යන විට දැන ගන්න ලැබුනේ නිල සුනඛයින් වෙන්දේසිකරන්නේ සත්භාවයෙන් බවයි. රාජ්‍ය සේවකයන්ට මෙන්ම පොලිස් නිල සුනඛයින්ටද විශ්‍රාම යායුතු වයසක් තිබෙන බව එහිදී හෙළිවුණා. ඒ වයස අවුරුදු 10 දී. ඊට පෙර විශ්‍රාම ගන්වන සුනඛයනුත් සිටිනවා. ඒ අය ශරීර සෞඛ්‍ය දුර්වල වු අවස්ථාවලදියි. පොලිසියේ නිල සුනඛයින් පුරුදු පුහුණු කරන්නේ අපරාධකරුවන් මත්කුඩු ජාවාරම්කරුවන් පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීමට පමණක් නම් නෙමෙයි. සංදර්ශන පුහුණුවත් ඔවුන්ට ලැබෙනව. පොලිස් නිල සුනඛයින්ට ඊට අදාලව විනය සහ හික්මීමේ පළපුරුද්දත් ඇති වෙනවා. පොලිසියේ නිල සුනඛ අංශයේ අධ්‍යක්ෂකවරයා වන පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න පවසන්නේ ආවාට ගියාට පොලිසියේ සුනඛයින් වෙන්දේසියේදි ලබාදෙන්නේ නැති බවයි. සුනඛයාව ආදරෙන් රැක බලා ගන්නට හැකියාවක් ඇති අයට පමණයිලු සුනඛයින් දෙන්නේ. වෙන්දේසිය සිදුවන්නේ සංඛේතාත්මකවයි.

එක සුනඛයෙක් රුපියල් 5000 වැඩි මිලකට අලෙවි වන්නේ නැහැ. සැබෑ ලෙසම සිද්ධ වෙන්නේ රටට සේවයක් කළ වයසට ගිය සුනඛයින්ව අවසන් කාලයට හොදින් බලා කියා ගන්න පුළුවන් අයට භාරදීමක්. එහෙම භාරනොගන්නා සුනඛයින් මිය යන තුරුම බලාගැනීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මකයිලු. එම සුනඛයින් මැරුණම පොලිස් උත්තමාචාර පවා ලැබෙනව. කලගුණ අමක කරන්නේ නැහැ.
මෑතකදී මාධ්‍යවාර්තා පලවුණු ආකාරයට ලගදී සුනඛයන් හත් දෙනෙක්ගෙ වෙන්දේසියක් නැහැලු. ඒ කියන වෙන්දේසිය මීට මාස දෙකකට පමණ පෙර අවසන් වෙලා. දැන් විශ්‍රාම ගිය අය ඉන්නේ දෙන්නෙක් විතරයි. හැබැයි අගෝස්තුවේ නම් 10 ක් විතර ඉන්න පුළුවන්. සුනඛයින්ට ආදරේ කරන සුනඛයින්ව රැකබලා ගන්නට කැමැති අය ඉන්නවනම් දැන්ම තියාම ඉල්ලීම් කරන්න පුළුවන්. විශ්‍රාම ගැනුවූවායින් පස්සේ පොලිසියේ කූඩුවක ඉන්නවට වඩා නිදහස් පරිසරයක අවසන් කාලය සුනඛයෙකුට ගතකරන්න පුළුවන්නම් ඒක තමයි ඒ සතාට කරන්නට පුළුවන් ලොකුම උපකාරය කියලයි පොලිසියේ නිල සුනඛ අංශය නම් කියන්නෙ.වෙන්දේසිය මගින් කරන්නේ ඒ වගේ වැඩක් කියලා www.thecolomboexpress.com නිල වශයෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබුණා.
මතවාදවලට ඔබ අප හැමදෙනාම ගරු කරනවා. අහිංසක සත්ත්තුවෙනුවෙන් මේ නිවැරදි තොරතුරු අනෙක් අයටත් පෙනෙන්න හුවමාරු කරගන්න. මේ අපි ඔබ වෙනුවෙන් කළ සොයා ගැනීමේ තොරතුරුයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි