නවතම පුවත්

පොලිස් මෙහෙයුමකින් පැය 24ක් තුළ 26,000ක් අත්අඩංගුවට

අසංක

අසංක

ගෙවී ගිය පැය 24 තුළ රට පුරා අපරාධකරුවන් 25912 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

දිවයින පුරා කළ පොලිස් මෙහෙයුම් වලින් ඊයේ (20) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වූ පැය 24 තුළ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතු ගිනි අවි 66 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

බෝර 12 වර්ගයේ ගිනි අවි 18 ක්, පිස්තෝල 01 ක්, ගල්කටස් අවි 24 ක්, රිපීටර් 18 ක්, සහ විවිධ වර්ගයේ වෙනත් අවි 05 ක් සොයා ගත් ආයුධ අතර වන බව පොලිස් මූලස්ථානය  ඊයේ (21) නිකුත් කළ නිවේදනයක සදහන්ය.

ඊට අමතරව  සජීවී පතොරම් 36 ක්ද, කඩු 03 ක්ද,පිහි 01 ද, ‍සොයාගෙන ඇත.

අවි ආයුධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 52කි.

එම කාලය තුළ හෙරොයින් කිලෝ 05 යි ග්‍රෑම් 472 යි මිලි ග්‍රෑම් 941 ක් සමග සැකකරුවන් 3551 දෙනෙක්ද, ගංජා කිලෝ 217 යි ග්‍රෑම් 474 යි මිලි ග්‍රෑම් 883 ක් සමග සැකකරුවන් 2609 දෙනෙක්ද, අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 758 යි මිලි ග්‍රෑම් 936 ක් සමග සැකකරුවන් 260 දෙනෙක්ද, අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම් වලින් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367 ක්, ඩෙටනේටර් 23 ක්, අත්බෝම්බ 07 ක්ද සමග සැකකරුවන් 06 දෙනෙක්ද, නීතිවිරෝධි මත්පැන් ලීටර් 179782 ක් සමග සැකකරුවන් 5574 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ වරෙන්තු කරුවන් 5110 දෙනෙක්ද වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයින් 8750 දෙනෙක්ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්