නවතම පුවත්

පොලිස් ලොක්කෝ 2කට මාරු – 5කට උසස්වීම්

අසංක

අසංක

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් උතුරු දිසා (ගම්පහ දිස්ත්‍රික් ) භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත්කිරීම කර ඇත.

මේ වනතෙක් එම තනතුරේ කටයුතු කළ වැලිකන්ද මහතා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ඇත.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත්කිරීමට ද ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.

එම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන්නේ පොලිස් සුබසාධන අංශයේ අධ්‍යක්ෂ දමයන්ත විජේසිරි, ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජගත් චන්ද්‍රකුමාර, පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ රොෂාන් විජේසිංහ, අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි, පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලක්සිරි විජේසේන යන නිලධාරීන් ය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?