නවතම පුවත්

පොලීසියට ගියාට වැඩක් නැහැ කියලා හිතෙන අයට යන්න තැනක් ගැන ඇමති සරත් වීරසේකර කියයි

අසංක

අසංක

රට තුළ සිදුවන සෙසු අපරාධ මෙන්ම අන්තවාදය හා ත්‍රස්තවාදය නැති කිරීමේ වගකීම ද මහජන ආරක්ෂක කමිටු වෙත පැවරී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.

“ජනාධිපතිතුමා මාව පත්කලේ බියෙන් සැකෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා රට තුළ සාමකාමීව ජීවත් වීමට කැමති සියලු දෙනාටම මෙය අදාළ වේ.සමාජ යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ සියලුම ජාතීන් ජනවර්ග, ආගමික කොට්ඨාස ඇතුළත් ලංකා භූමිය මත ජීවත් වන සියලු දෙනා.

බියෙන් සැකෙන් තොර සමාජයක් නිර්මාණය කරන්න නම් එම සමාජය තුළ කප්පම් කාරයෝ, පාතාලය, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාර කයෝ, මංකොල්ලකාරයෝ, මත්කුඩු ජාවාරම් කාරයෝ ඉන්න බැහැ. මේ කාරණේ අපහසු දෙයක්. නමුත් මෙය මට පහසුවෙන් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. කීර්තිමත් පොලිසියක නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකාය මගේ යටතට පත් කිරීම තුළ.

මේ කාර්යය සඳහා ඉතා හොඳ පොලිස්පති වරයෙක්, පොලිස්පති වරයෙක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් නිලධාරීන් ඉන්නවා.හැබැයි මේ කාර්යය තවත් පහසු වෙනවා ගමෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා නම්. ගමේ උදවිය මෙම මහජන ආරක්ෂක කමිටුව පත් වුනොත් පොලිසියේ කාර්ය භාරය තවත් පහසු වෙනවා. මේ ආරක්ෂක කමිටු වලට ගම ගැන හොඳට දන්න උදවිය පත්වුණාම මේ කාර්යය කරන්න පහසු වෙනවා දැනටමත් ප්‍රජා පොලිස් ඒකක මේ පොලිසිය තුළ තියෙනවා.

මේ මහජන ආරක්ෂක කමිටුව ප්‍රධාන වගකීම තමයි ගම තුළ සිද්ධ වෙච්ච, සිදුවීමට යන දේවල් පිළිබඳව පොලිසිය දැනුවත් කරලා අපරාධ වැළැක්වීමට සහය වෙන එක. උදාහරණයක් හැටියට මත්ද්‍රව්‍ය ජාවාරම් ගම තුළ කරනවා නම් ඒ අය පිළිබඳ ගමේ උදවියට හැකියාව තියෙනවා පොලිසිය දැනුවත් කරන්න.  මහජනතාවගෙන් චෝදනාවක් තියෙනවා මත්ද්‍රව්‍ය වැනි විවිධ කාරණා සම්බන්ධව පැමිණිල්ලක් කරාම නැවතත් ඒ ජාවාරම්කරුට පැමිණිලිකරුගේ විස්තර යනවා කියලා. හැබැයි අද ඉදන් ඒ දේවල් වෙන්නේ නැහැ. අමාත්‍යාංශය තුළ අපි වෙනම වේ ඒකකයක් බිහි කරල තියනවා පොලිස් නිලධාරීන්ගේ කටයුතු විමර්ශනය කරන්න. එවැනි අකටයුතුකම් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව මා විසින් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මේ චෝදනාව හැම කෙනාටම අයිති වෙන්නේ නැහැ. ඉතා සුළු පිරිසක් විසින් තමයි මේ වගේ අකටයුතුකම් කරන්නේ. සමහර මහජනතාවට තියෙනවා චකිතයක්. පොලිසියට ආවට වැඩක් නැහැ කියලා. ඒ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ සන්නිවේදනය නිසා. මේ මහජන ආරක්ෂක කමිටු මගින් සන්නිවේදනයේ දුරස්ථභාවය අඩු කරනවා.

අපරාධයක් වුනාම අපරාධකරු අල්ලන්න ඕන. හැබැයි අපේ වගකීම වෙන්නේ අපරාධ වැලැක්වීමට පියවර ගැනීමයි.

අපරාධ වැලැක්වීමට වැලැක්වීමට ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ජනතාව තුළ ලැජ්ජාව බිය ඇති කිරීමයි. වැරදි කිරීමට ලැජ්ජාවක් සහ බියක් ඇති වුනොත් ඒ සමාජය තුළ වැරදි අඩු වෙනවා. ඒ වගේම තමයි අපරාධයක් සිදු වූ වහාම අපරාධ අල්ලන්න යාන්ත්‍රණයක් තිබිය යුතුයි. එතකොට අපරාධකාරයා දන්නවා ඔහු ඉතා පහසුවෙන් එයට කොටු වෙනවා කියා. අපරාධකරුට අපරාධයක් කරන්න දෙපාරක් හිතන්න වෙනවා. ඒ වගේම අපරාධ සිදු උනාට පස්සේ මුළු සමාජය ම ඔහුගේ පැටිකිරිය දන්නවා. නමුත් මෙම කතාව පසුගිය කාලයේ විවේචනයට ලක් වුණා. ඒ නිසා මං බලාපොරොත්තු වෙනවා උසාවියේ තීන්දුවෙන් පස්සේ ඉතා ඉක්මනින්ම අපරාධකරුවන්ගේ ඡායාරූප පළ කරන්න.

අපරාධයක් සිදු වූ ගමන් ඉක්මනට නඩු අහන්න ඕන. එසේ ප්‍රමාද වුණොත් අපරාධ අපරාධකාරයො ඉන් පැනලා යනවා නීතියේ හිඩැස් වලින්. උදාහරණයක් විදිහට අවුරුදු පහළොවේදී පමණ අතවරයට ලක් වෙච්ච ගෑණු ළමයෙක්ගෙ නඩුව අවසන් වෙන්න අවුරුදු 25 ක් යනකොට. දරුවාගේ තරුණ කාලයම විනාශ වෙලා යනවා. මහජන ආරක්ෂක කමිටු වලින් මේ වගේ අපරාධ වලට ඉඩ දෙන්නේ නැතුව වැට බඳිනවා නම් අපිට පුළුවන් වෙනවා අපරාධ අඩු කරන්න.

ඒ වගේම සමාජයේ මහජන චින්තනයෙ ආකල්ප වෙනසක් ඇති කරන්න ඕනේ රටේ වටිනාකම පාසලේ වත් උගන්නන්නෙ නෑ. පහුගිය කාලේ අපි දැක්කා තරුණ ළමයින් ගේ අතින් කහ ඉර මත ඇවිද ගිය ජීවිත ගොඩක් විනාශ වෙනවා. මම හමුදා පුහුණුවක් දෙන්න ඕනේ කිව්වේ මේ වගේ විනය ඇති කරන්න.

මම මින් අදහස් කළේ මිලටරි පුහුණුවක් නෙමෙයි නමුත් මේ වගේ පුහුණුවක් දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ හමුදා කඳවුරු වල පමණයි. මේ කතාව කිව්වම පහු ගේ කාලයක් මාව ගොඩක් අය විවේචනය කරා මම හමුදා පුහුණුවක් දෙන්න ඕනේ කිව්වේ

1නීතිය මොකද්ද 2නීතිය කැඩුවම වෙන්නේ මොකද්ද 3නායකත්වය 4පෞර්ෂත්වය 5මත්ද්‍රව්‍ය ගත්තම වෙන්නේ මොකක්ද 6ව්‍යවසායකත්වය තනන්නේ කොහොමද , රට ගැන හැඟීමක් ඇති කරන්න එහෙම කළොත් තමයි රට ආරක්ෂා වෙන්නේ.

ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ එකක් තමයි රටට භෞතිකව මත්ද්‍රව්‍ය එන එක වලක්වන්න ඕන. දෙක මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කරන්න ඕනේ. තුන්වන එක මත්ද්‍රව්‍ය නිසා වර්ධක වරදකරුවන් බන්ධනාගාර ගත නොකර පුනුරුප්තාපනය ට යවලා වෘත්තිය පුහුණුවක් දෙන්න ඕන.

එය වගේම තමයි මහජන ආරක්ෂක කමිටු වලට පැවරිලා තියෙන තවත් වගකීමක් තමයි අන්තවාදය හා ත්‍රස්තවාදය නැති කිරීම පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාර වළක්වා ගන්න බුද්ධි අංශ කටයුතු කරනවා. ඒ වගේම මහජනතාවගේ උදව් උපකාරත් මහජන ආරක්ෂක කමිටුව හරහා මේ සඳහා ලැබිය යුතුයි

ඒ සඳහා 119 වගේම 118 දුරකථන අංකය ශක්තිමත් කරනවා පොලිස් කොට්ඨාශ 48ට අලුත් වාහන ඇතුළු පහසුකම් ලබාදීලා මත්ද්‍රව්‍ය මංකොල්ලකෑම් මං කොල්කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර බරපතල පහරදීම් ආදිය ගැන ජනතාවගෙන් තොරතුරු ගන්නවා

අතිගරු ජනාධිපතිතුමා ගම සමග පිළිසදරක් වැඩසටහන තුළින් ගම සංවර්ධනය කරන්න කටයුතු කරනවා. මට පැවරිලා තියෙන්නෙ මේ ගමේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය සකසන එකයි දැනට පිහිටුවා ඇති ප්‍රජා පොලිසිය සමග මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම තුළ බියෙන් සැකෙන් තොර සමාජයක් අපිට බිහි කිරීමට හැකියාව ලැබෙනවා ”

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී