නවතම පුවත්

“පොලීසියේ සැබෑ වැඩකාරයන්ට ෆේස්බුක් එකේ වැඩ පෙන්නන්න වෙලාවක් නෑ” – පොලිස්පති

අසංක

අසංක

ෆේස්බුක් එකෙන් වැඩ පෙන්වන්නේ පොලීසියේ බොරුකාරයන් බවත් සැබෑලෙස වැඩකරන්නන්ට ෆෝස්බුක් එකේ ඇලී ගැලී සිටීමට කාලයක් නොමැති බවත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ටත් පොලිස් අධිකාරීවරුන්ටත් විශේෂ අංශ භාර අධ්‍යක්ෂකවරුන්ටත් අවධාරණය කර තිබේ.

කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි අපරාධ ලේඛනාගාර දේශන ශාලාවේදී ඉකුත් 06 වෙනිදා පැවැති කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන්ගේ හමුවකදී පොලිස්පතිවරයා ඒ බව සදහන්කර ඇත.

මෙම රැස්වීම් උදෑසන 8.00 ට පමණ ආරම්භ වී පැය එකහාමාරක් තුළ අවසන්ව ඇති අතර එය සංවිධානය කර තිබෙන්නේ පොලීසිය භාර ඇමතිවරයාට පොලිස් කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන්ට ඇමතීමට අවස්ථාවක් ලබාදීමටය.

පොලිස්පතිවරයා මෙහිදී විනාඩි 10 කට වඩා සිය අදහස් දැක්වීම සිදුකර නැති අතර එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ බොරුකාරයන් කවුරුන්ද සැබෑ වැඩකරුවන් කවුරුන්ද යැයි කියා තමන් හොදාකාරවම දන්නා බවය. ෆේස්බුක් වලින් වැඩකරුවන් නොවී සැබෑ වැඩකරුවන් වන ලෙසට අවවාදයක්ද එහිදී පොලිස්පතිවරයා ලබාදී ඇත. “මාව අන්ඳන්න ලෑස්ති වෙන්න එපා” යැයිද පොලිස්පතිවරයා පවසා ඇත.

ඉලංගකෝන් මහතා පොලිස්පතිවරයාව සිටියදී කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන්ට නිවාඩු ලබා නිවෙස් වෙත යන විට රාජකාරි වාහන භාවිතා කිරීම තහනම්කර තිබී ඇත. එම තහනමද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඉවත්කරමින් එම රැස්වීමේදී සදහන් කර ඇත්තේ පවුල් ජීවිතයත් පොලිස් ජීවිතයත් සමබරව පවත්වාගෙන යාමට වග බලා ගන්නා ලෙසය. සති අන්තයේ සහ නිවාඩු දිනවල කුමක් කරන්නේදැයි පස්සෙන් පන්නා තමන් සොයන්නට යන්නේ නැති බවද පොලිස්පතිවරයා සදහන් කර තිබේ. ඒ යැයි කියා රාජකාරි අතපසු කරන්නේ නම් තමාට යම් පියවර ගැනීමට සිදුවන බවද අවධාරණය කර ඇත.

තමාව රැවටීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙසත් තමාව රවටන්නන් හදුනා ගැනීම අපහසු නොවන බවත් ඒ අයට පොලිස් පොතෙන්ම පිළිතුරු දීමට තමා හොදාකාරවම දන්නා බවත් පොලිස්පතිවරයා එහිදී වක්‍රාකාරයෙන් සදහන් කර තිබීමද විශේෂිතය.

මෙම විනාඩි 10 ක පොලිස්පතිවරයාගේ කථාව එහි රැදී සිටි 200 කට ආසන්න පොලිස් නිලධාරීන්ගේ හදවතටම දැනී ඇති අතර එහි සිටි ෆේස්බුක් වැඩකරුවන්ගේ මුහුණු ඇඹුල්වී ඇතැයිද පොලිස් තොරතුරු සදහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි