නවතම පුවත්

පොහොට්ටු සන්ධානය හා එජාපෙ ප්‍රබල පිරිසක් අතර රහස් සාකච්ඡා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරණය හා ඊට පසු මතුවිය හැකි විශේෂ දේශපාලන තත්වයන් මුල් කරගනිමින් , ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර රහස් සාකච්ජා මාලාවක් ආරම්භවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එජාපයේ ප්‍රබලයින් 12 දෙනෙකු සමග දැනටමත් මෙම රහස් සාකච්ජා පැවත්වී ඇති අතර ඉන් 08 දෙනෙකු පමණ දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණට අවශ්‍ය සහය ලබාදීමට එකඟතාව පළකර ඇති බවටද තොරතුරු වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙලේ නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම සාකච්ජා සම්භන්ධීකරණය කර ඇති බවටද දැනගන්නට ඇත.

මෙම එජාප ප්‍රබලයින් 08 දෙනා අතරින්ද කිහිපදෙනෙකු හෝ ජනාධිපතිවරණයට පෙර සිටම ප්‍රසිද්ධියේ තම සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට පලකිරීමට පියවර ගනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය ජයගතහොත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාලීමට අවශ්‍ය සහය ලබාදීමට මෙම එජාප ප්‍රබලයින් සියලුම දෙනා , තම පූර්ණ සහය දීමට දැනටමත් එකඟතාව පළකර ඇති බවද වාර්තාවේ .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි