නවතම පුවත්

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ගුවන් භටයා 50 වසරක වාර්තාව අලුත් කරයි

අසංක

අසංක

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට නායක, පිහිනුම් උපදේශකයකු වන රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නර් සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ දෙවන පුද්ගලයා බවට වාර්තාගත වෙයි.

ඒ පැය 28 යි මිනිත්තු 19 කින් වාර්තාගත ලෙස තම අභියෝගය සාර්ථකව අවසන් කරමිනි. ඔහු පිහිනූ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 59 යි මීටර් 500 කි.

ඔහු මෙලෙස අලුත් කරන ලද්දේ වී.එස්. කුමාර් ආනන්දන්ගේ අවුරුදු 50 ක් පැරණි වාර්තාවක් වන 1971 දී පෝක් සමුද්‍ර සන්ධිය පැය 51 කින් පිහිනමින් පිහිටුවන ලද ගිනස් ලෝක වාර්තාවේ ආසියානු වාර්තාව ය.

රොෂාන් අබේසුන්දර මහතා පවසන්නේ, මෙහි අරමුණ පොලිතීන් ප්ලාස්ටික් වලින් තොර වී සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාම බවයි.

රොෂාන් අබේසුන්දර මහතා ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා පිහිනා ආවේ ඔහු විසින් අනුමාන කළ කාලයට වඩා පැය කිහිපයක් පෙර වීම විශේෂත්වයකි.

“මගේ බලාපොරොත්තුව ලංකාවේ මන්නාරමේ ඉදන් ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා පීනලා ආපහු එන්න පැය 35 ක වගේ කාලෙකින් එන්න. ” ඔහු සිය අභියෝගයට මුහුණදීමට පෙර පැවසූයේ එයයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මග පෙන්වීම යටතේ රොෂාන් අබේසුන්දර මහතා මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

 

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?