නවතම පුවත්

පෞද්ගලික ඇමැතුම්වලට මයික්‍රෆෝන ඇල්ලීමේ වසංගතය

අසංක

අසංක

කාලෙන් කාලෙට අපේ රටට විවිධ වසංගත පැමිණෙයි. එසේ පැමිණෙන ඇතැම් වසංගත කෙළවර වන්නේ සමාජ ව්‍යසනයකිනි. පෞද්ගලික ඇමැතුම් මයික්‍රොෆෝනවලට ඇල්ලීමේ වසංගතය දැන් ක්‍රියාත්මකය. මෙම තත්ත්වයට ඔබට විරුද්ධවීමට කොතරම් සිත් වුවද ඔබ එසේ නොකරන්නට හේතු රැසක් තිබිය හැකිය. නැතිනම් විරුද්ධ වන මගක් නොතිබීම නිසා වන්නට පුළුවනි.

කොකේන් මැති ඇමැතිවරු 24ක් ගැන කතාවෙද්දී ඒ කතාව හෙළිකළ ඇමැති රන්ජන් රාමනායක ගැන දැන් බොහෝ කතා එළියට එයි. නමුත් රන්ජන් නොව කවුරු වුවද කොකෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා මැති ඇමැතිවරු ගැන හෙළි කරන්නේ නම් එය සමාජ යහපතකි. ඒ ගැන සොයා බැලිය යුතු පමණක් නොව ඒ නම් කවුරුන්දැයි හෙළි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිධූර අහෝසි කිරීම දක්වා එවන් පුළුල් සාකච්ඡාවක් ගෙන යා යුතුය.

කලින් කලට මතුවන මෙවැනි සාකච්ඡාවල උඩ බිමක් නැති අවස්ථාද නැතිවා නොවේ. කලක් මේ රටේ ප්‍රධාන මාතෘකාව වූයේ අර්ජුන ඇලෝසියස් හා ඔහුට චෝදනා නැගෙන බැදුම්කර වංචාව ගැනය. අර්ජුන් මහේන්ද්‍රන් ගැනය. දැන් අර්ජුන් ලා ගැන මතකයක් නැත. කුසල් පෙරේරා මතුවී නැවත කැ* කතාවකට වැඩි අවධානය යොමුවී ක්‍රිකට් කෞතුකාගාරය ඇරඹීමෙන් චිත්‍රපටය අවසන්වේ.

එවැනි කතා නැවත පැමිණෙන්නේ එවැනි උද්වේගකර අවස්ථාවලදී පමණය. අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ලැයිස්තුවත්, මෑත දේශපාලන අර්බුධය සමග යට ගියේය. නැවත ඔවුන් එක්කො කරළියට එන්නේ මගුලකිනි. නැත්නම් මළ ගෙදරකිනි. කුඩු කතාවේ අවසානයත් එවැන්නක් නොවන්නට බැරි නැත.

රන්ජන් රාමනායකට එරෙහි එජාපයෙන්ම පරීක්ෂණයක් පවත්වනවාය කියන්නේ එවැනි නම් ලැයිස්තුවක් තිබේ යැයි කීවද නම් 24 හෙළි නොකිරීම නිසාය. එක පැත්තකින් එය විපක්ෂයේ විරෝධය හමුවේ රන්ජන් බේරාගැනීමේ සටනක් යැයි ඇතැමෙක් සිතන්නට පුළුවන. කෙසේ වෙතත් මෙවැනි පරීක්ෂණ වාර්තාවලට ගතවන කාලය, අතීත මිම්මෙන් නම් කල්ප ගනන්ය. නැත්නම් ප්‍රතිඵලයට කල්ප කාලයකි.

මේ සියල්ල අතරේ අප රටේ මාධ්‍යයත්, මැති ඇමැතිවරුත්, සොයානොබලා වාර්තා කිරීමේ පුරුද්ද දැන් ඉදිරියටම ගෙනයමින් තිබේ. ඕනෑම දෙයක් දුටු පමණින්, ඇසූ පමණින් සත්යවය යැයි වටහා දීමට ඇතැම් මැති ඇමැතිවරුන් ගෙන යන පුරුද්දට මාධ්‍යය ද හවුල්වීම අභාග්‍යයකි.

රන්ජන්-සුමනදාස ඇමැතුම, රන්ජන් -විජයකලා ඇමැතුම අපට හොදින් මතකය. ඒ ඒ පුද්ගලයා අරඹයා අනෙක්පස දුරකථනයේ සිටින පුද්ගලයා ඇතැම්විට සත්‍ය හෝ නැතිනම් අසත්‍ය ප්‍රකාශ කළේ නම් එවැනි සංවාදයක් මයික්‍රොෆෝන ඉදිරියේ ප්‍රසිද්ධ කිරීමත්, එවැනි සංවාදයක් ප්‍රවෘත්ති ලෙස පළ කිරීමත් ගැන බුද්ධිමත් ජනතාව දෙවරක් සිතා බැලිය යුතුය. අනෙක් අතට එවැනි සංවාද සිතා මතා සැලසුම් කොට ඉදිරිපත් වන්නේ නම් ඒවා පුවත් ලෙස බලන ජනතාව ගොනාට අන්දන්නේ මේ රටේ මාධ්‍යය ද?

ප්‍රවෘත්ති සාකච්ඡා පටන් ගැනීමට පෙරත්, එවැනි සාකච්ඡා අවසන් වු පසුවත් කරන කතාබහක් පුද්ගලිකත්වයට සීමා වේ නම් ඒවා නැවත මාධ්‍යයේ පළ කිරීමෙන් සිදුවනුයේ කුමක්දැයි ඔබට සිතා ගත හැකිය. රටට හෙළි කළ යුතු මහා විනාශයක් ඒ හරහා වළක්වා ගන්නේ නම් හෝ රටේ ජනතාව දැනගතයුතුම කුමන්ත්‍රණයක් එවැනි හඩ පටයක් හෝ වීඩියෝවක් හරහා හෙළිදරව් වීම වරදක් නැත.

දැන් අපි අවසාන ජවනිකාව ගැන කතා කරමු. රන්ජන් – රත්තරං, කාලයක් රන්ජන්ට තිබු ලෙඩේ ඊයේ දිනය වනවිට රත්තරංට වැහුණේය. රන්ජන් මෙන් රත්තරං රන්ජන්ට ගත් ඇමැතුම එදින රාත්‍රියේම ඇතැම් රූපවාහිනි නාලිකා ප්‍රචාරය කළේය. ඒ අතර ඊට ප්‍රසිද්ධියක් නොදුන් මාධ්‍ය ආයතන සිටි බව සිහි කළ යුතුය.

අර රන්ජන්ගෙ දෙබසේ මන්ත්‍රීවරු තිදෙනෙක් ගැන කියැවිණි. ඉන් එක් අයෙක් සෘජුවම කොකේන් වරදකරුවකු වුයේ රන්ජන්ගේ දෙබස අනුවය. තවත් අතකට රන්ජන් රස කර කර කියන කතාවෙන් මත් වුණාම දවස් තුනක් යනකම් ආතල් එක තිබෙන බවත් කියයි. මොවුන් කුඩු ජාවාරම් ගැන එක පැත්තකින් හෙළි කරන බව පෙන්වන ගමන්ම අනෙක් අතට මෙවැනි දුරකථන සංවාද ප්‍රචාරය කිරීමෙන් සිදුවන්නේ කුඩා දරුවන් තුළ දවස් තුනක ආතල් එකත්, ඊට වැයවන මුදලත් සිතට කා වැද්දවීමය.

ඇමැතිලා ගහනවා කියන එක ගහන්නට ළමයි පෙළඹෙන්නත් බැරි නැත. ඒ නිසා www.thecolomboexpress.com වෙබ් අඩවියක කර්තෘ මණ්ඩලය එවැනි ප්‍රවෘත්තිවලට මුලිකත්වයක් නොදී දත්ත මුලික වු කරුණු හෙළිදරව් කිරීමට පෙළඹීම ගැන සතුටුය. ඇත්ත තිත්ත නිසා මෙවැනි දෑ ද දේශපාලනයෙන් බලා ඉවත ලෑමට හැකියාව තිබේ. නමුත් අද අප කතා කරන දේට හෙට ඔබ හෝ ඔබේ දරුවා මුහුණ දුනහොත් ඒ වගකීම ගත යුත්තේ ඔබමය.

පුද්ගලික ඇමැතුම් මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීමේ සංදර්ශනවලට ඔබත් විරුද්ධ නම්, මේ පණිවුඩය ඔබේ සමීපතමයාටත් යොමුකරන්න. අපේ රට, කාගෙවත් නොව, අපේම ය.

රමේෂ් වරල්ලෙගම

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි