නවතම පුවත්

බටහිරෙන් එල්ලවන පීඩනයට නිසි පිළිතුරු දීමට රුසියාව සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් තමන්ගේ ආරක්ෂක කොන්දේසි ප්‍රතික්ෂේප කරමින්, දැඩි මාවතක් අනුගමනය කළහොත්, ඉතා ඉක්මනින් තමාට එල්ලවන පීඩනයට පිළිතුරු දීමට සිදු වන බව රුසියාව අනතුරු අඟවයි.

යුක්රේන දේශසීමා අසල රුසියානු හමුදාවේ යුද ක්‍රියාකාරකම් දිනෙන් දින වැඩි වෙන බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

එවැනි අවස්ථාවක ඇන හිට ඇති යුක්රේන සාම ක්රියාවලිය නැවත පණ ගැන්වීමේ අදහසින් ප්‍රංශයේ ,ජර්මනියේ, රුසියාවේ සහ යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් ඊයේ (26) පැරිස් නුවරදී හමුවිය.

රුසියාවේ පාර්ලිමේන්තු සාමාජිකයන්, රුසියානු විදේශ අමාත්ය සර්ගෙයි ලැව්රොව් ගෙන් විමසා සිටියේ එල්ලවන පීඩනයට පිළිතුරු දීමේදී වෙනිසියුලාව,කියුබාව සහ නිකරගුවාව සමග සහයෝගිත්වයක් ඇති කර ගන්නවාද යන්නය.

“අපිට ඉතාමත් සමීප සම්බන්ධතා තියෙනවා මේ රටවල් වලට අපි ඒවා තවත් ගැඹුරෙන් පවත්වන්න උත්සහ කරනවා ” යනුවෙන් එහිදී රුසියානු විදේශ ඇමතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

රුසියාව, වෙනිසියුලාවේ,කියුබාව සහ නිකරගුවාව සමග සහයෝගිත්වයක් ඇති කරගෙන හමුදාවන් සහ ආයුධ යවනු ලැබුවහොත්, මෙම රටවල් යුක්රේනයට වඩා ඇමෙරිකාවට ළගින් පිහිටා ඇති බැවින් මෙම යුද බලය ප්‍රයෝජනවත් විය හැක්කේ යුක්රේනයට පහරදීමට නොව ඇමෙරිකාවට පහර දීමට බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

“බටහිර රාජ්‍ය කිව් අගනුවර වෙත මාරාන්තික අවි ආයුධ ආධාර වශයෙන් ලබා දෙනවා. වොෂින්ටනය අපගේ මුදල් ඒකකය පහත හෙලීමට කරන්න පුළුවන් හැමදේම කරනවා, අපි ඉන්නේ අපගේ කොන්දේසි වලට ඇමෙරිකාවෙන් ලිඛිත පිළිතුරක් ලැබෙන තුරු, ලැබුණායින් පස්සේ අපි ගන්න ඕන ඊළඟ පියවර ගැන ජනාධිපති තුමාට උපදෙස් දෙනවා. අපි අපේ කොන්දේසි නිමක් නැති සාකච්ඡ වල ගිලෙන්න දෙන්නෙ නෑ, මෙවැනි දැඩි පීඩනයක් එල්ල කරද්දි අපිටත් අත් දෙක බැඳගෙන බලන් ඉන්න බෑ ” රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා මෙසේ පැවසීය.

රුසියාවේ අනතුරු ඇඟවීම් වලට පිළිතුරු දෙමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා රුසියාවේ ප්‍රධාන කොන්දේසියක් වූ කිසිම දිනක යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමජිකත්වය ලබානොදෙන බවට පොරොන්දුව නිල වශයෙන් ලිඛිතව ප්‍රතික්ෂේප කර ඇත .

දිනෙන් දින රුසියාව සහ යුක්රේනය අතර උණුසුම වැඩි වෙමින් පවතී. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවන බවට අනතුරු අඟවා ඇත.

රුසියාව තමන්ට එල්ල වන පීඩනයට ඉක්මනින් පිළිතුරු දෙන බවට ඇමෙරිකාවට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි