නවතම පුවත්

බසයකදී අත්අඩංගුවට ගත් බෝම්බයට ගෝපිගේ මව සහ තවත් කතක් අත්අඩංගුවට

අසංක

අසංක

යාපනයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක අඹු සැමි යුවලක් ක්ලේමෝ බෝම්බයක් සමග පරන්තන් ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව මියගිය ගෝපි නැමැත්තාගී නැමැත්තා ගෙ මව සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් හතර දෙනා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

මෙරට ගැටුම් පැවැති සමයේ එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කරන ලද ක්ලේමෝ බෝම්බ වල සටහන් කර තිබී ඇත්තේ දෙමළ අකුරෙන් වන අතර මෙම බෝම්බයේ උපදෙස් සටහන් වී ඇත්තේ සිංහල අකුරින් වීම විශේෂත්වයකි.

ඒ පිළිබඳව විමර්ශනයේදී අවධානය යොමුව තිබෙන අතර එම බෝම්බය කුමක් සඳහා භාවිත කරන්නට ගියේ දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකය.

හමුදා බුද්ධි අංශ වලින් ලද තොරතුරකට අනුව පරන්තන් හි දී පසුගියදා අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ යාපනය ප්‍රදේශයේ රෙදි බුමුතුරුණු නිෂ්පාදනය කර අලෙවි කරන අයවලුන්ය.

ඔවුන් මෙම ක්ලේමෝ බෝම්බය රැගෙන විත් ඇත්තේ එම රෙදි බුමුතුරුණු සහිත බෑගයක සගවාගෙන ය.

ත්‍රිකුණාමලයේ සිට පරන්තන් දක්වා පැමිණෙන කිසියම් පුද්ගලයකුට දීමට මෙම බෝම්බය ලබාදී ඇත්තේ ගෝපි ගේ මව විසින් බැවින් ඇය අත්අඩංගුවට ගෙන ඇත. මෙම බෝම්බ සිද්ධියට අදාළව අනෙක් කාන්තාව ද සම්බන්ධ බවට හෙළිවී තිබේ.

හමුදා බුද්ධි අංශය වෙත හෙළි වූ තොරතුරුවලට අනුව මෙම බෝම්බ ගෙන යාමට සූදානම් වී ඇති ත්‍රිකුණාමලය වෙතයි.

මෙය මෙහෙයවනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ සිටින, 2014 වසරේ දී එල්ටීටීඊ නැවත නැගී සිටුවීම සඳහා කටයුතු කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඒකාබද්ධ මෙහෙයුමකදී හමුදා වෙඩි ප්‍රහාරයකින් මරු මුවට පත්වූ ගෝපි නැමැත්තාගේ සහෝදරයාය.

සබැඳි පුවත්
ක්ලේමෝ බෝම්බයක් සමග යුවලක් අත්අඩංගුවට – මෙහෙයවීම ස්විස්ටර්ලන්තයේ සිට

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී