නවතම පුවත්

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානමක්

අසංක

අසංක

මෙම වසරේ මෙතෙක් දිවයිනපුරා ඩෙංගු රෝගීන් 7453 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම ඩෙංගු රෝගීන්ගෙන් 3935 දෙනෙක්ම හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අද දවසේ දත්තයන්ට අනුව මෙම වසරේ මෙතෙක් හදුනාගත් සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.8 ක්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

2021 වසරේ ජනවාරි මාසය වන විට බස්නාහාර පළාතින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 3278 දෙනෙකි. 2020 වසරේ ජනවාරි මාසයේ එම ගණන 408කි. ඒ අනුව පෙනී යන්නේ බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් මේ වන විට සිදුවෙමින් පවතින බවය.

බස්නාහිර පළාත තුළින්ද වැඩියෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹිනි. එම ගණන 1867 දෙනෙකි. දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහින් වන අතර එම ගණන 1477 දෙනෙකි. කළුතරින් වාර්තා වී ඇත්තේ රෝගීන් 591 දෙනෙක් පමණි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම ඩෙංගු රෝගීන් හමුවී ඇත්තේ මොරටුවෙනි. එම ගණන 40 ක් වන අතර දෙවැනියට වැඩියෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගොතටුවෙනි. එම ගණන 33 කි. මහරගමින් 31 දෙනෙක්ද, බත්තරමුල්ලෙන් 26 දෙනෙක්ද, රත්මලානෙන් 23 දෙනෙක්ද වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ මීගමුවෙනි. එම ගණන 63 කි. දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් ගම්පහින් වාර්තා වී ඇත්තේ කැලණියෙන් වන අතර එම ගණන 29 කි. වත්තලින් 28 ක්ද, අත්තනගල්ලෙන් 25ක්ද ගම්පහින් 25 ක්ද වශයෙන් මෙම මාසය තුළ මෙතෙක් ඩෙංගු රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බේරුවලිනි. එම ගණන 30 කි. ඊට පසුව වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කළුතරය. එම ගණන 22කි. අනතුරුව පානදුරින් 21 ක්, හොරණින් 10 ක් සහ වාද්දූවෙන් 08 ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී