නවතම පුවත්

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රබලම දුම්රිය වැඩවර්ජනය ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස කිහිපය තුළ බ්‍රිතාන්‍යය පුරා දරුණු ලෙස පැතිරිය හැකි වෘත්තීය ක්‍රියාමාර්ග වලට මග පෑදීමට තුඩු දෙන වැටුප් සහ රැකියා පිළිබඳ අවිනිෂ්චිතතාවය හේතුවෙන් දස දහස් සංඛ්‍යාත සේවකයන්ට රැකියාවලින් ඉවත්ව යාමට සිදුවනු ඇතැයි විවිධ සංවිධාන විසින් පුරෝකථනය කර තිබිණි. එම පුරෝකථනයන්ට සමගාමීව පසුගිය වසර 30ක ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යයේ කරනු ලැබූ විශාලතම දුම්රිය වර්ජනය ඊයේ( 22 ) ආරම්භ විය.

වෘත්තීය සමිති විසින් තීරණය කළ පරිදි අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල වැඩවර්ජනය කිරීමට නියමිතව සිටින 40,000කට වැඩි දුම්රිය සේවකයන්ගෙන් සමහරක් ඊයේ අලුයම සිටම විරෝධතා වලට එක් රැස් විය. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ දුම්රිය ප්‍රවාහන ජාලය ඇන හිටුනු අතර අතර ප්‍රධාන දුම්රිය ස්ථාන පාළුවට ගියේය. ලන්ඩන් උමං දුම්රිය සේවකයන් විසින් කරනු ලැබූ වෙනම වැඩ වර්ජනයක් හේතුවෙන් උමං දුම්රිය පද්ධතියද අඩපන වී තිබුණු බවද වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යය ඉතිහාසයේ දශක කිහිපයක් තුල ඇතිවූ දරුණුතම ආර්ථික අවපාතයට මුහුණ දී සිටින “බ්‍රිතාන්‍ය කුටුම්භයන්ට” උපකාර කිරීම සඳහා වැඩි යමක් කළ යුතු යැයි යන පීඩනය යටතේ සිටින අගමැති බොරිස් ජොන්සන් මහතා දුම්රිය සේවක වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ” කොවිඩ් වසංගතය හේතුවෙන් හානි පැමිණ තිබෙන බ්‍රිතාන්‍යය ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන මේ මොහෙතේ වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට පෙළඹීම හානි කරයි.” යනුවෙන් පැවසුවේය.

බ්‍රිතාන්‍යයේ ආහාර සහ ඉන්ධන මිල උද්ධමනය 10% දක්වා අගයකින් ඉහලට තල්ලු කිරීමත් සමඟ ගුරුවරුන්, වෛද්‍යවරුන්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ කම්කරුවන් සහ නීතිඥයින් පවා වෘත්තීය ක්‍රියාමාර්ග කරා ගමන් කරන “අතෘප්තියේ ගිම්හානයක” ආරම්භය මෙම දුම්රිය වැඩවර්ජනය මගින් සනිටුහන් කළ හැකි බව බ්‍රිතාන්‍යය වෘත්තීය සමිති අවධාරණය කරති.

“බ්‍රිතාන්‍යය සේවකයාට වැටුප් වැඩිවීමක් අවශ්‍යයි.” දුම්රිය, සමුද්‍රීය සහ ප්‍රවාහන සේවක සංගමයේ (RMT) මහලේකම් මික් මහතා මාධ්‍යය වෙත අදහ්ස් දක්වමින් පැවසුවේය.

“ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයන්ට රැකියා සුරක්ෂිතභාවය, යහපත් රැකියා කොන්දේසි සහ පොදුවේ යහපත් රැකියා තත්වයක් අවශ්‍යයි. අපට එම තතවයන් ලබා ගත හැකි නම්, මේ වන විට ආරම්භ වී ඇති “ගිම්හානය” පුරා වර්ධනය වීමට නියමිත බ්‍රිතාන්‍ය ආර්ථිකයේ කඩා වැටීම සිදු නොවනු ඇත.”

මේ අතර බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ, “වෘත්තීය සමිති, ඔවුන් උදව් කරන බව කියන පුද්ගලයින්ට හානි කර ආකාරයෙන් හැසිරෙනවා.”.

“මෙම දුම්රිය වැඩ වර්ජනය ඉදිරියට ගෙන යාමෙන්, ඔවුන් දුම්රිය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අවසානයේ සහාය දෙන මගීන් පලවා හරිනවා පමණක් නොවෙයි රට පුරා තිබෙන ව්‍යාපාරවල සහ නොයෙකුත් ජන ප්‍රජාවන්ට ද අහිතකර බලපෑම් ඇති කරනවා.” යනුවෙන් පැවසූ බ්‍රිතාන්‍යය අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ඊයේ(21) සිය කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බවද නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යය වෙත පවසා සිටියේය.

කෙසේ වුවද ආරවුල සමථයකට පත් කිරීම සඳහා වන සාකච්ඡාවලට බොරිස් ජොන්සන්ගේ රජය සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක් වීමටද අගමැති බොරිස් ජොන්සන්ට සිදුවී තිබේ.මේ අතර දුම්රිය හාම්පුතුන් සමඟ වෘත්තීය සමිති සෘජුව සාකච්ඡා කළ යුතු කාරණයක් බව බ්‍රිතාන්‍ය කැබිනට් ඇමැතිවරු පවසති.

මෙම මස මුලදී සමාජ පර්යේෂකයෙකු වූ යූගොව් මහතා විසින් කරන ලද සමීක්ෂණයකින් පෙනී ගියේ වැඩ වර්ජන සම්බන්ධයෙන් වන මහජන මතය බෙදී ඇති බවයි. සමීක්ෂණයට භාජනය කරන ලද අයගෙන් අඩක් පමණ ප්‍රවාහන වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියා මාර්ග වලට විරුද්ධ වන අතර සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වලට සහාය දුන් බවද පැවසුවේය..

රැකියාවට යමින් සිටි 36 හැවිරිදි නීතීඥයෙකු වන ලියෝ රුඩොල්ෆ් පැවසුවේ ආරවුල පවතින තරමට තමා වඩාත් කලකිරීමට පත්වන බවයි.

“මෙය හුදකලා සිදුවීමක් නොවේ.” ඔහු රොයිටර් පුවත් සේවය වෙත පැවසීය. “වඩවර්ජන සිදු වන සෑම අවස්ථාවකදීම මම නිසැකවම කලකිරීමට පත් වනවා.”

විනාශකාරී උද්ධමනය

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය කොවිඩ්-19 වසංගතයෙන් පසුව ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් වූ නමුත් ශ්‍රම හිඟය, සැපයුම් දාම කඩාකප්පල් වීම, උද්ධමනය සහ පශ්චාත්-බ්‍රෙක්සිට් වෙළඳ ගැටළු වල එකතුව හේතුවෙන් ආර්ථික අවපාතයක් පිළිබඳ අනතුරු ඇඟවීම් කිරීමට විශේෂඥයන් පොළඹවා ඇත.

මිලියන ගනනක් වූ දුප්පත්ම කුටුම්භ වලට අමතර සහයෝගයක් ලබා දෙන බව ආණ්ඩුව පවසන නමුත් උද්ධමනයට සාපේක්ෂව වඩා ඉහල වැටුප් වැඩිවීම් ආර්ථිකයේ මූලිකාංග වලට හානි කරන බව බ්‍රිතාන්‍යය ආර්ථික විශේෂඥයෝ පවසති.

“ඉහළ උද්ධමනය දිගු කාලීනව මිනිසුන්ගේ වැටුප් පතට විශාල බලපෑමක් ඇති කරනවා. ඉතිරිකිරීම් වලට හානි පැමිණවීම සහ අප මුහුණ දෙන දුෂ්කරතා තවත් විශාල කාලයක් පුරා පවතිනු ඇති.” ජොන්සන් පැවසීය.

වෘත්තීය ක්‍රියාකාරකම් පුපුරා යාම, 1978-79 “අතෘප්තියේ ශීත සෘතුව” ද ඇතුළුව බ්‍රිතාන්‍යය පුරා පුලුල්ව පැතිරුනු කම්කරු වැඩ වර්ජනවලට මුහුණ දුන් 1970 දශකය සමග සංසන්දනය කිරීමට විශ්ලේෂකයන් පෙළඹී ඇත.

වෘත්තීය සමිතිවල සාමාජිකත්වය දරණ බ්‍රිතාන්‍ය කම්කරුවන් සංඛ්‍යාව 1970 ගණන්වල සිට දළ වශයෙන් අඩකින් පමණ අඩු වී ඇති අතර, වෘත්තීය සමිතිවල බලයන් සීමා කිරීමට සහ වැඩවර්ජනයක් කැඳවීම වඩාත් අපහසු කිරීමට හිටපු කොන්සර්වේටිව් අගමැතිනි මාග්‍රට් තැචර් විසින් සිදු කරන ලද වෙනස්කම්ද හේතු විය.

මේ අතර ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් පැවසුවේ වැඩවර්ජන දිනවලදී අවම සේවාවක් ලබා දීමට දුම්රිය ක්‍රියාකරුවන්ට බල කිරීම සඳහා රජය හැකි ඉක්මනින් පවතින නීතිය වෙනස් කරන බවත්, ඉවත්ව ගිය කාර්ය මණ්ඩලය වෙනුවට තාවකාලිකව වෙනත් සේවකයින්ට ඉඩ දෙන බවත්ය.

“අපි අනාගතයේදී මෙවැනි ක්‍රියා හේතුවෙන් ආර්ථිකයට අවම හානියක් සිදුව වන ලෙස වග බලා ගැනීමට පියවර ගන්නෙමු,” ප්‍රවාහන අමාත්‍යයවරයා මාධ්‍ය වෙත පවසා සිටියේය.

බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලවල සංචාරකයින් කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ව්‍යාකූල ප්‍රමාදයන් සහ අවසන් මොහොතේ අවලංගු කිරීම් අත්විඳින විට නොවැලැක්විය හැකි ලෙසම වැඩ වර්ජන පැමිණේ. බොහෝ බ්‍රිතාන්‍යයන්ට සැකසීමේ ප්‍රමාදයන් හේතුවෙන් නව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මාස ගණනක් බලා සිටීමට සිදුව ඇති බවද කියවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි