නවතම පුවත්

බ්‍රිගේඩියර්ගේ හමුදා වෑන් රථයෙන් හමුවූ කුඩු තොගය ඩුබායි සිට මෙහෙයවන ජාවාරම්කරුවකුගේ

අසංක

අසංක

පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන පොලිස් ඒකකය විසින් අද උදෑසන හොරණදී යුධ හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 45 ට අදාළ ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි සිට බව හෙළි වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ මේ ජාවාරම සිදු වූ බවට අනාවරණය වී ඇත.

ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු විසින් මෙය මෙහෙයවා ඇත.

මෙම මත්කුඩු තොගය කේඩීඑච් වර්ගයේ වෑන් රථයකින් යු.හ. (යුද හමුදාව) අංකයක් සහිතව ධාවනය කරවූවකි.

මෙම වෑන් රථය අයත්ව ඇත්තේ ඉඹුල්ගොඩ පදිංචි කාන්තාවකට වන අතර ඇය යුද හමුදාවට කුලී පදනම මත මෙය ලබාදී ඇත.

මෙම වෑන් රථය තිබී ඇත්තේ දඹුල්ල කදවුරට අනුයුක්තව ය. දඹුල්ලේ සිට පැමිණ අත්තිඩිය කදවුරෙන් ඉන්ධන ලබාගෙන මෙම වෑන් රථය අත්තිඩියේ සිට හෙරොයින් මත්කුඩු තොගය රැගෙන හොරණ බලා ගමන් කර ඇත.

මෙම වෑන් රථය බ්‍රිගේඩියර්වරයකුගේ භාවිතයට යුද හමුදාවෙන් නිදහස් කර තිබී ඇත.

වැටලීමේදී වෑන් රථයේ සිටි එක් කෝප්‍රල්වරයෙක් නිල ඇදුමින් සිට ඇති අතර අනෙක් කෝප්‍රල්වරයා නිල ඇදුම නොමැතිව ගමන් කර තිබේ.

එම නිල ඇදුමින් සිටි කෝප්‍රල්වරයා කොළඹ ත්‍රිපෝලි හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන අයෙක් බව අනාවරණය වී ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී