බ්‍රිතාන්‍යයේ ඉන්ධන අර්බුදය උග්‍ර අතට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගය මේවනවිට තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත

ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය සඳහා හමුදාවේ සහය ලබාගැනීමටයි බ්‍රිතාන්‍ය රජයේ අවධානය යොමුව ඇත.

කෙසේවෙතත් ඉන්ධන ප්‍රවාහනය සඳහා හමුදාව යොදා ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නැගී නොමැති බව බ්‍රිතාන්‍යයේ පරිසර ලේකම්වරයා සඳහන් කර ඇති අතර රියදුරන් නොමැතිකම දැඩි අර්බුදයක් නොවන බව ද ඔහු සඳහන් කර ඇත .

කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් රැසක් මේවනවිට ඉන්ධන නොමැතිකම හේතුවන් වසා දමා තිබෙ

ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල තවදුරටත් දිගු පෝළිම් දැකිය හැකි බවයි විදෙස් වාර්තා පවසයි

පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී පවා ඉන්ධන මිලදී ගැනීමට ජනතාව පෙළඹීම බ්‍රිතාන්‍ය තුළ මෙලෙස දැඩි ඉන්ධන හිගයක් ඇතිවීමට බලපා ඇති එක් හේතුවක් බවයි වාර්තා වන්නේ.

බ්‍රිතානය තුළ පවතින ඉන්ධන සැපයුම් හල් 8000 න් 5,500 ක පමණ මේවනවිට ඉන්ධන තොග අවසන් බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

බ්‍රිතාන්‍ය තුළ මෙලෙස ඉන්ධන හිගයක් ඇතිවූයේ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක්රථ රියදුරන් නොමැති වීමයි.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ ට්‍රක්රථ රියදුරන් ලක්ෂයකගේ පමණ හිගයක් පවතින බවයි වාර්තා වනේ

ඒ හමුවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට මෙන්ම තවත් ක්ෂේත්‍ර කිහිපයක කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙ