නවතම පුවත්

බුද්ධි මණ්ඩල (Think Tanks) අතර ලංකාවටත් තැනක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා රජය පර්යේෂණ හා බුද්ධි මණ්ඩල (Think Tanks) හඳුනාගෙන ඒවාට ආයෝජනය කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී   ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතා පවසයි.

පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ලූඩර් ආයතනයෙහි බුද්ධි මණ්ඩල සහ සිවිල් සමාජ පිළිබඳ වැඩසටහන මගින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) ආසියා පැසිෆික් කාණ්ඩයේ ප්‍රධාන බුද්ධි මණ්ඩල (Think Tanks) අතරට තේරී පත්වී ඇත.

2019 දත්තයන් හා බුද්ධි මණ්ඩලවල සමාජයට ඇති වැදගත්කම (Why Facts and Think Tank Matters)” පිළිබඳව සාකච්ඡාවට එක්වෙමින් හෙතම මේ බව සදහන් කළේය.

සෑම  වසරකම ලෝකයේ බුද්ධි මණ්ඩල ශ්‍රේණිගත කිරීමකට ලක් කෙරේ. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ලූඩර් ආයතනයෙහි බුද්ධි මණ්ඩල සහ සිවිල් සමාජ පිළිබඳ වැඩසටහන (TTCSP) තුළ ලොව ප්‍රමුඛතම බුද්ධි මණ්ඩලයන් (Think-Tanks) සාමාජිකත්වය දරයි.

(TTCSP) මගින් වසර 27 කට අධික කාලයක් පුරා මෙම බුද්ධි මණ්ඩල (Think Tanks) පිළිබඳව ලේඛනගත කර ශ්‍රේණිගතකර ඇති අතර ලොව පුරා විද්වතුන් 1,796 දෙනෙකුගේ සහාය මීට ලබාගෙන ඇත.

ලෝකය පුරා බුද්ධි මණ්ඩල (Think Tanks) 2000 කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කර ඔවුන්ගේ ක්‍රියාවන් සහ කාර්යසාධනය අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු  කර ඇත.  2016 වසර තුළදී එනම් මීට වසර තුනකට පෙර ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලද ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) ආසියා පැසිෆික් කාණ්ඩයේ 101 වන ස්ථානයට තේරී පත්ව තිබේ.

“2018 ගෝලීය බුද්ධි මණ්ඩල (Think Tanks) වාර්තාව “පැරිස්, බීජිං, වොෂිංටන්, නිව් යෝර්ක් ඇතුළු ලොව ප්‍රසිද්ධ නගර 150ක එළි දැක්වූ අතර ශ්‍රී ලංකාවේ එය එළි දැක්වීම සඳහා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL)වෙත ඇරයුම් ලැබිණි.

 මෙම වාර්තාව එලි දැක්වීමට සමගාමීව 2019 වසරේ ජනවාරි මස 31 වන දින ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) මගින් “2019 දත්තයන් හා බුද්ධි මණ්ඩලවල සමාජයට ඇති වැදගත්කම (Why Facts and Think Tank Matters)” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විද්වතුන් සහ වෙනත් බුද්ධි මණ්ඩලවල (Think Tanks) නියෝජිතයන්හට ආරාධනා කළේය.

INSSSLහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතා මෙහි මුලසුන ගත්තේය. එමෙන්ම INSSSLහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු හා ප්‍රවීන මාධ්‍යවේදියකු වන ආචාර්ය රංග ජයසූරිය මහතා, මහාචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණියමහතා, පර්යේෂණ කළමණාකරු කසුනි රණසිංහ සහ පර්යේෂණ සහකාර නටාෂා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මීටසහභාගී වූහ.

මහාචාර්ය අබේගුණසේකර මහතා, බුද්ධි මණ්ඩලය (Think Tanks) මගින් අනාගත ප්‍රවණතාවයන් පුරෝකථනය කිරීම තුළින් ප්‍රතිපත්ති සම්පාදකයන් ඉදිරියට ගෙනයාම, විචක්ෂණශීලී භූගෝලීය පරිසරයක් තුළ ඉතා වැදගත් බව පැහැදිලි කළේය.

 සංකීර්ණ හා අභියෝගාත්මක ගැටලු සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට විශ්වසනීය තොරතුරු සැපයීමේදී බුද්ධි මණ්ඩලවල (Think Tanks) වැදගත්කම අවධාරණය කළේය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි මණ්ඩලවලට (Think Tanks) මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හා පර්යේෂකයන්ට ආකර්ෂණීය වැටුප් නොමැතිකම ප්‍රධාන අභියෝගයක් බවත්,ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සමඟ සසඳන විට, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් බුද්ධි මණ්ඩල(Think Tanks)සඳහා විශාල වශයෙන් ආයෝජනයට සහ උපදේශනයට යොමු වී ඇතිබවත්, නමුත් ශ්‍රී ලංකා රජය පර්යේෂණ හා බුද්ධි මණ්ඩල (Think Tanks) හඳුනාගෙන ඒවාට ආයෝජනය කිරීමට අපොහොසත් වී ඇති බවත් ඔහු තම අත්දැකීම් ඇසුරින් පෙන්වා දුන්නේය.

බුද්ධි මණ්ඩල(Think Tanks)විද්වතුන්හා ප්‍රතිපත්ති සම්පාදන ප්‍රජාවන් අතර පොදු මංසන්ධියක් ලෙස, ස්වාධීන හඬක් ලෙස සේවය කළ යුතු බව නටාෂාප්‍රනාන්දු මෙනවිය අවධාරණය කරයි. එමෙන්ම පර්යේෂණ ප්‍රතිඵලවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වඩාත් වැදගත් වන කරුණු පිළිබඳ තීරණ ගැනීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.

රණසිංහ මෙනවිය, තීරණ ගැනීමේදී සත්‍ය කරුණු මත පදනම් වූ සාක්ෂි සහ දේශපාලන නායකයින්ට මාර්ගෝපදේශ සැපයීමේදී බුද්ධි මණ්ඩලවල(Think Tanks)කාර්යභාරය අවධාරණය කළාය.රටක ප්‍රමුඛඅවශ්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා දේශපාලන නායකයින් බුද්ධි මණ්ඩල(Think Tanks)භාවිතා කළ යුතු අතර,ඒ හරහා රටේ ප්‍රමුඛතා පිළිබඳව මහජනතාවට ඒත්තු ගැන්විය යුතුය. මෙම වර්ධනයන් සඳහා,බුද්ධි මණ්ඩල(Think Tanks)පර්යේෂකයෙකුගේ සාම්ප්‍රාදායික කාර්යභාරය වෙතින්,  ”උපාය මාර්ගික උපදේශක” තත්ත්වය වෙතටපත් කළ යුතු බව දඇය තවදුරටත් අවධාරණය කළාය.

අනාගත දේශපාලන සිදුවීම් ගැන පුරෝකථනය කරමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජය සඳහා විශේෂඥතාව සැපයීමේදී බුද්ධි මණ්ඩල (Think Tanks) මගින් ඉටු කරනු   ලබන වැදගත් කාර්යභාරයන් පිළිබඳව ආචාර්ය රංග ජයසූරිය මහතා පැහැදිලි කළේ ය.

එමෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමේදී එමපදනම් විරහිත චෝදනාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඵලදායි උපාය මාර්ගයක් රජය වෙත ඉදිරිපත් කිරීම සඳහා බුද්ධි මණ්ඩලවලට(Think Tanks)ඉටු කළ හැකිව තිබු කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලංකා සන්දර්භය ඇසුරින් පැහැදිලි කළේය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, බුද්ධි මණ්ඩල(Think Tanks) නිර්දේශපාලනීකරණය තුලින් වැඩි ස්වාධීනත්වයක් ලබා දිය හැකි බවත් එමගින් ප්‍රතිපත්තිසම්පාදකයන්ට ඉහළ ගුණාත්මක බවින් යුත් උපදෙස් ලබා ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මහාචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය මහතා, බුද්ධි මණ්ඩල(Think Tanks)ප්‍රශ්න විසඳීමට උදව් කරන ආකාරය සහ රාජ්‍ය සම්පත් සඳහා වත්කමක්ලෙස සේවය කරන ආකාරය ගැන පැහැදිලි කළේ ය. ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් බුද්ධි මණ්ඩලවල(Think Tanks)යෝජනා බොහෝ දුරට අනුගමනය නොකිරීමේ ගැටළුව  පිළිබඳව  හුවා දක්වමින්, බුද්ධි මණ්ඩල(Think Tanks)විසින් කරනු ලබන යෝජනා ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඉදිරිපත් කළ හැකි අකාරයේ කමිටුවක් පිහිටුවීමට යෝජනා කළේය. එමෙන්ම, බුද්ධි මණ්ඩලවල(Think Tanks)කාර්ය සාධනය තක්සේරු කිරීම සඳහා ඇගයීම් රාමුවක්ඔහු මෙහිදී ඉදිරිපත් කළ  අතර යෝජිත රාමුව වැඩි දියුණු කිරීම සඳහා වෙනත් දේශීය බුද්ධි මණ්ඩල (Think Tanks) සමඟ කටයුතු කරන ලෙස INSSSLහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතාගෙන් ඉල්ලා සිටියේය.

උදේශිකා ජයසේකර

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?