නවතම පුවත්

බූස්ටරේ නොගත් අයට දඩයක්

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය .

“යුරෝපා රටවල මෙන්ම විවිධ දියුණු රටවල මේ ආකාරයෙන් නීතිමය ප්‍රකාරව කටයුතු කරමින් යනවා තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳව. අපේ රටේත් සෞඛ්‍ය අමාත්‍යාතුමා විසින් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ නීති උපදෙස් ආකාරයෙන් මෙහිදී අපි නෛතික රාමුවක් තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ගැටලුව තුළදීම නැතිනම් ඒ ප්‍රකාශ තුළින්ම දියුණු රටවලින් නීතිමය ප්‍රකාරව කටයුතු කිරීම තුළින් පෙනී යනවා මේකේ තියෙන වැදගත් බව. ඉතින් ඒ නීතියට දඩයක් නියම කරන්නේ ඔබව රැකගන්න. ඉතින් එවැනිම ආකාරයක සිදුවීමක් තමයි මේ තුන්වන මාත්‍රාව ලබාගැනීම කියන එකට නීති පද්ධතිය හරහා එන රුකුලක් වගේම ඒ කරන්න හදන්නේ ඔබව ආරක්ෂා කරගැනීමට. ඒ පුද්ගල වගකීම පෙරදැරි කරගෙන ඔබ, ඔබ විසින්ම තීරණය කර ගනිමින් ඔබේ ආරක්ෂාව තර කරගැනීම අප සියලුදෙනාගේම වගකීමක්.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි