නවතම පුවත්

බෙංගාල බොක්කේ කුණාටුවක ලකුණු – මුහුදු යන අයට අවදානම්

අසංක

අසංක

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වෙමින් තිබෙන බැවින් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි හානි අවම කරගැනීම සදහා ධිවරයින් සඳහා ආරක්‍ෂක වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

මෙම කාලගුණ තත්වය පිළිබද ධීවර දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සිය ජිවිත ආරක්‍ෂාව උදෙසා වැඩි අවධානයක් යොමු කරන ලෙස හෙතෙම ඉල්ලා සිටී.

ඉදිරි දින කිහිපය පුරා නිරන්තර අවදානයෙන් සිටින ලෙස සියළු ධීවරන් වෙත ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වෙමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශය මෙම අනතුරු ඇගවීම් සියළු ධීවර ප්‍රජාව වෙත ඊයේ නිකුත් කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල සිය රැකියාවේ නිරතව සිටින සියළු ධීවරයින් මෙම කාලගුණ තත්වයන් පිලිබදව නිරන්තර අවධානයෙන් සිටිමින් ලබා දී ඇති ආරක්‍ෂක උපදෙස් ක්‍රියාත්මක කල යුතු බවට එම අනතුරු ඇගවීම මගින් දැනුවත් කර තිබේ.

එලෙසම ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීම කලයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කල නතුරු ඇගවීමේ සදහන් වේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැක.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. 

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අනාවැකියේ සදහන් ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී