නවතම පුවත්

බෙටර් ලයිෆ් සොයන ඩයිවින් බර්ඞ්ස්ල අරන් ලෝකෙට යන අපේ බුද්ධික

අසංක

අසංක

මීට වසර කිහිපයකට පෙර ‘ඩයිවින් බර්ඞ්ස්’ නම් සංකල්පයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන බුද්ධික වික්‍රමාදර විසින් හඳුන්වාදීම සම්බන්ධව අප ඔබව දැනුවත් කලා. මේ වනවිට එකී .ඩයිවින් බර්ඞ්ස්. සංකල්පය පිළිබඳව හැදෑරීම් කළ පිරිස් ඉන් ලබාගත් දැනුම භාවිතා කරමින් මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය හැකියාවන් විදහා දක්වමින් ක්ෂේත්‍ර තුළ ප්‍රවීණයන් වන්නට කටයුතු කරමින් සිටිනවා.එවන් පසුබිමක ඩයිවින් බර්ඞ්ස් හි වත්මන් තත්ත්වය කෙබඳුද යන්න ගැන අප සාකච්ඡා කිරීමට. සැර අයිඩියා, රන්දිප මීඩියා. හා ඵෂඊ වෙළඳ දැන්වීම් ආයතනයන්හි කළමණාකාර අධ්‍යක්ෂ හා .ඩයිවින් බර්ඞ්ස්. නිර්මාතෘ බුද්ධික වික්‍රමාදර මහතා අප සමඟ සම්බන්ධ විය.

‘ඩයිවින් බර්ඞ්ස්’ ගැන මුලින්ම කතා කලොත්?

.ඩයිවින් බර්ඞ්ස්. කියන්නේ සංකල්පයක්. සාමාන්‍යයෙන් කුරුල්ලන්ට පියාඹන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. අඩුම තරමින් මේ දෙකෙන් එකක් හරි කරන්න පුළුවන්. ඇවිදින්න,පියාඹන්න පුළුවන් කුරුල්ලන්ට කිමිදෙන්නත් පුළුවන් නම් විශේෂිත කුරුල්ලෙක් විදියට හඳුන්වනවා. පිළිහුඩුවෝ, දියකාවෝ වැනි කිමිදෙන කුරුල්ලන් අනෙක් කුරුල්ලන්ට වඩා විශේෂිතයි වගේම හරි ශක්තිමත්. ඒ වගේම හොඳ පදනමකින් ජීවත් වෙන නිසාම අනෙක් කුරුල්ලන්ට සාපේක්ෂව ආයු කාලයත් ටිකක් වැඩියි. මේ කාරණය සංකල්පයක් විදියට අපේ තරුණ තරුණියන්ට ඉදිරිපත් කිරීමේ උවමනාවකුයි මට තිබුණේ.

මගේ ගම සිංහරාජය ආසන්නයේ තිබෙන ගාල්ල, නෙළුව කියන ප්‍රදේශයයි. පුංචි කාලේ ඉඳලාම මම ඉගෙන ගත්ත දේවල්, මට හම්බ වෙච්ච අත්දැකීම්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යහළුවන්, ඥාතීන් සමඟ ගතකරපු ජීවිතේ අත්දැකීම් එක්ක තමයි මෙහෙම සංකල්පයක් ඉදිරිපත් කරන්න ඕනි කියන අදහස ඇති වෙන්නේ.

මම ලෝකයේ විවිධ දාර්ශනිකයන්ගේ දර්ශන පිළිබඳව ගොඩක් කියවපු කෙනෙක්. විශේෂයෙන් නීට්ෂේ ඉදිරිපත් කරන දර්ශනය ගත්තාම අපේ රටට අපිට වැදගත් වන දර්ශනයක් තිබිය යුතුයි කියන සිතුවිල්ල ඇති වුනා. පුංචි කාලේ සිටම පන්සල සමඟ ඇති වුන බෞද්ධ පසුබිම තුල මේ දර්ශනය මා තුළ ඇතිවෙන්න ඇති කියලා දැන් මට හිතෙනවා.

ජපානයේ 5ී, තවත් රටවල 4් ආදී සංකල්ප තිබෙනවා. මේ සංකල්ප තුළින් තමා රටක ජනතාව බලගන්වන්න පුළුවන්.

ඊෑඔඔෑඍ ඛෂත්‍ෑ (බෙටර් ලයිෆ්) කියන අකුරු ටික අරගෙන මෙය විෂයයන් 10 කට බෙදලා ඩයිවින් බර්ඞ්ස් සංකල්පය මම නිර්මාණය කළා.

මම මුලින්ම නෙළුව මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය
ලබන්නේ. 5 ශේණිය ශිෂ්‍යත්වය සමත් වෙලා ගාල්ල මහින්ද විද්‍යාලයට යනවා. ඉන් පස්සේ ස්වාධීන රූපවාහිනී සේවයේත්, මහරාජා ආයතනයේත් මාධ්‍යකරුවෙක් ලෙස සේවය කරනවා. ඒ එක්කම වෙළඳ ව්‍යාපාර ආයතන කිහිපයක්ම මා සතුව තිබෙනවා සහ විශාල සේවක පිරිසක් එහි සේවය කරනවා.

ස්වාධීන රූපවාහිනී ආයතනයේ මා සේවය කළ කාලයේ අලුත් වැඩසටහන් ගණනාවක් නිර්මාණය කරන්න මට හැකියාව ලැබෙනවා. මහරාජා ආයතනයට ගියාට පස්සේ මට මුලින්ම ලැබෙන්නේ ඵඔඪ කියන ඉංග්‍රීසි නාලිකාවේ ප්‍රධානියා බවට පත්වීමට. ඵඔඪ හි අවසන් නාලිකා ප්‍රධානියා මමයි. පස්සේ අපි මේ නාලිකාව වෙනස් කරනවා ඔඪ1 කියලා. ඔඪ1 හි ආරම්භකයා වන්නේ මම. එහි නිර්මාණ කටයුත්ත පැවරෙන්නේ මට. එය සිංහල, ෑබටකසිය දෙකම මිශ්‍ර වෙච්ච අලුත් සමාජයක් එක්ක යන අලුත් ආරක නාලිකාවක් බවට පත් කරනවා. එම නාලිකාව මාස 06 වැනි කෙටි කාලයක් තුල ලංකාවම දන්න වෙනත් ආරක නාලිකාවක් බවට පත්වෙනවා.

මට ස්ටෙයින් ස්ටුඩියෝ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කරන්න පසුව අවස්ථාව උදා වෙනවා. මෙහෙම ගමනක් තමා මගේ ජීවිතය තුල තියෙන්නේ. මේ හැම තැනකදීම මම ඉගෙන ගත්තු දේවල්, මගේ ජීවිතයේ ලබපු අත්දැකීම් විවිධ රටවල් විවිධ ජනකොට්ඨාස එක්ක සම්බන්ධ වෙලා කරපු දේවල් එක්ක .ඩයිවින් බර්ඞ්ස් . සංකල්පය ගොඩනංවන්න ඕනි කියන විශ්වාසය හා වුවමනාව මට තිබුණා. මොකද හැමදාම කියන්නේ මේ රට දියුණු වෙමින් තිබෙන රට කියලා. මේ රට දියුණු රටක් බවට පත් කරන්නට නම් දේශපාලඥයන්ට බැණ බැණ ඉඳලා වැඩක් වෙන්නේ නෑ. මම මට පුළුවන් විදියට ක්‍රමවේදයක් සොයන්න ඕනි. මගේ යාළුවෝ ටික, මගේ සහෝදරයෝ ටික, මගේ ගමේ ඉන්න අනිත් කණ්ඩායම් සහ මගේ තරුණ පිරිස සම්බන්ධ කරගෙන වැඩක් කරන්න ඕනි කියන වුවමනාවෙන් තමයි මේ වැඬේ ආරම්භ කළේ.


වසර ගණනාවක් තිස්සේ මම මට පුළුවන් විදියට නොමිලේ පන්ති පැවැත්වූවා. මේ සඳහා කිසිම ආයතනයක හෝ අනුග්‍රාහකත්වයක් ලබා ගත්තේ නැහැ. මම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ හා ව්‍යාපාර ක්ශේත්‍රයේ කටයුතු කරලා උපයපු මුදල් වලින් කොටසක් තමා අලුත් තරුණ පරපුර වෙනුවෙන් වැය කරේ. නමුත් මම එය දකින්නේ වියදමක් ලෙස නොව, අයෝජනයක් ලෙසයි. මට මේ කාර්යය දැනට කරන්න පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිසා මේ ආයෝජනය ගාල්ල දිස්ත්‍රික්කයෙන් පටන් අරන් තියෙනවා. මගේ පැත්තෙන් මුදල්, දැනුම, සංකල්ප ආයෝජනය කරනවා. තරුණ තරුණියෝ ඔවුන්ගේ කාලය, මහන්සිය හා බුද්ධිය ආයෝජනය කරනවා. ඒ විදියටයි අපි දෙගොල්ලන්ගේ කම්පැනිය ආරම්භ කරලා තියෙන්නේ. එහෙම නැතුව වෙන කවුරුවත් මේකට මූල්‍යමය දායකත්වයක් ලබාදීලා හෝ වෙන කාටවත් මේකෙන් ලාබයක් හිමිවන්නේ නැහැ. මේකේ ලාභය ලැබෙන්නේ මටත් මගෙත් එක්ක හිටිය තරුණ තරුණියන්ටත් පමණයි. විශේෂයෙන් සඳහන් කලයුතුයි ලීඩර් හා සිප්රෝ ආයතන හිමිකරු අනුර ජයන්ත මහතා දරුවන්ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් එම ආයතන හා ඊට අදාළ සියලු පහසුකම් නොමිලේම අප වෙත ලබා දී තිබෙනවා.

.ඩයිවින් බර්ඞ්ස්. ආරම්භ කර වසර කිහිපයක් ගතවෙලා.ඉන් ලැබූ සාර්ථකත්වය කෙබඳුද?

මම ස්වාධීන රූපවාහිනියේ ඉන්න කාලේ තමයි මේ සංකල්පය මුලින්ම හඳුන්වා දෙන්නේ. ඒ කාලේ මේ සංකල්පය එක්ක එකතු වෙච්ච මිතුරු පිරිසක් එක්ක තමා ,සැර අයිඩියා, කියන ආයතනය පටන් ගත්තේ.
මමත් මගේ මිත්‍රයෙක් වන ක්‍රිෂාන්ත හිස්වැල්ලත් මේ ආයතනයේ මූලාරම්භකයින් වගේම හිමිකරුවන්.මමත් එක්ක සිටින සියලුම කණ්ඩායම් ඩයිවින් බර්ඞ්ස් සංකල්පය ගැන අවබෝධය ලබා සිටින පිරිසක්.

,සැර, ආයතනයෙන් පසුව ර්‍ණඵෂඊ” ,රන්දිප මීඩියා, නමින් තවත් ආයතන දෙකක් ආරම්භ කළා. මේවා ,ඩයිවින් බර්ඞ්ස්, සංකල්පය එකතු කරලා ව්‍යාපාර ආයතන බවට පත්කරපුවා.

TV1 නාලිකාව ආරම්භ කරද්දී රාජා මහේන්ද්‍රන් මහතා මට නිදහස ලබා දෙනවා මට කැමති දක්ෂ කණ්ඩායම් අරගෙන මේ ආයතනය ආරම්භ කරන්න. සාමාන්‍යයෙන් ටීවී නාලිකාවකට අරගන්නේ ආයතන ප්‍රධානීන්ට කැමති පිරිස වුවත් TV1 පටන් ගනිද්දී මට ඕන පිරිස ගන්නත්, මට ඕන විදියට පුහුණු කරන්නත් අවස්ථාව හිමිවෙනවා. මේ අරගත්ත පිරිසට ,ඩයිවින් බර්ඞ්ස්. සංකල්පය සම්පූර්ණයෙන්ම පුරුදු කරනවා. මේ නිසාම අද වනවිට සිරස TV නාලිකාවේ ප්‍රධාන තනතුරු බොහොමයක් ,ඩයිවින් බර්ඞ්ස්. හැදෑරූ කණ්ඩායමට දරන්න හැකිවෙලා තියෙනවා. TV1 හි අපි ගත්තු කණ්ඩායමට එහි ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නත් හැකිවෙලා තිබෙනවා.

ඊට අමතරව මෙරට සෙසු රූපවාහිනී නාලිකාවල හා ව්‍යාපාරික ආයතන තුලත් මෙම සමකාලීනව මෙම ,ඩයිවින් බර්ඞ්ස්, සංකල්පය සමඟ එක්වූ බොහෝ දෙනෙක් සේවය කරනවා. අපි විශ්වාස කරනවා හරි ක්‍රමවේදයක් ඉගෙන ගත්තොත් ඒ ක්‍රමවේදය තුළින් මේ රටේ ජයග්‍රහණයටත්, ඉස්සරහට යන්නත් කෙනෙකුට හැකියාව ලැබෙන්න ඕනි කියලා.
5ී ක්‍රමවේදය නිසා ජීවිතය ඉදිරියට ගිහින් තියෙනවා වගේම එම ක්‍රමවේදය අපේ රටේ ආයතන වලට උගන්වන්න ඕනි කියලා අදහසක් තියෙනවා. 5ී කියන්නේ පිළිවෙල හදන ක්‍රමවේදයක් වුනාට ඔළුවේ පිළිවෙල හදන්නේ කොහොමද, මනස කළමණාකරණය කරගන්නේ කොහොමද කියලා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් .ඩයිවින් බර්ඞ්ස්. තුළ 80% පමණ තිබෙන්නේ ශරීරය එක්ක මනස හරියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණයි. ඉතිරිය විනෝදය යි.

.ඩයිවින් බර්ඞ්ස්. ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

මේක ඊෑඔඔෑඍ ඛෂත්‍ෑ ලෙස කොටස් 10කට බෙදා වෙන්කර තිබෙනවා. (එහි එක් අකුරකින් එක් අදහසක් ගම්‍ය වෙනවා) විශ්වාසය ඇති කරන්නේ කොහොමද? ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරන්නේ කොහොමද ? සෞඛ්‍ය ගැන ගත්තොත් අනෙක් කෙනා සමඟ සුවඳවත්ව ජීවත්වන්නේ කොහොමද? කියන දේවල් ගැන ගැඹුරින් සාකච්ඡාවට ලක් කරනවා.

විශ්වාසය ගත්තොත් ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට, කුලයෙන් කුලයට, පළාතෙන් පළාතට වෙනස්. මෙතන තියෙන භේද කියන දේ අයින් කරලා විශ්වාසයෙන් කටයුතු කරන අයුරු සාකච්ඡා කරනවා.

.ඩයිවින් බර්ඞ්ස්. පළමු පොත මම තව නොබෝ දිනකින් එළි දක්වනවා. එහි තිබෙන්නේ මූලික කරුණු හා පෙරවදනයි. ඊෑඔඔෑඍ ඛෂත්‍ෑ ඔස්සේ යන පොත් 10 කින් සමන්විත ඉතිරි පොත් මාලාව ඉදිරි කාලයේ එළිදැක්වීමට සැළසුම්කර තිබෙනවා.
ලෝකයේ රටවල් 50ක පුස්තකාල 50ක් සමඟ මට මේ පොත නිකුත් කිරීමේ අවස්ථාව ලැබුනා. ඒ වගේම මේ පොත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් එළිදැක්වෙනවා. පොත වෙනුවෙන් පසුවදන සැපයෙන්නේ මට මේ සියල්ල වෙනුවෙන් ගුරුහරුකම් දෙන මහාචාර්ය ජී. එල් පීරිස් අතින්. ආචාර්ය එඞ්වින් ආරියදාස මේ පොතේ ඉංග්‍රීසි පරිවර්තනය සිදුකරනවා. ඒ වගේම දෙමළ පරිවර්තනය සිදුකරනු ලබන්නේ ජනප්‍රිය දමිළ පිටපත් රචක බාබු විසින්.

.ඩයිවින් බර්ඞ්ස්. සංකල්පය ලංකාවෙන් ලෝකයට ගෙනියන්න තමයි මම මේ පොත රචනා කරන්නේ. ඒ වගේම මම මේ පොත නිර්මාණය කරන්නේ මගේ ආචාර්ය උපාධියේ පර්යේෂණය වෙනුවෙන් සිදුකරන පූර්ව සූදානමක් වශයෙන්.

සමාජය තුළින් ප්‍රබල හඬක් එක රටකින් හෝ එක කොට්ඨාසයකින් හැදෙනවා නම් එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීම ඉතා පහසුයි.

ඒ එක්කම අපි අපේ රටේ අමාත්‍යංශ හා තානාපති කාර්යාල හරහා මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යන ආකාරය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මුලින්ම අවශ්‍ය වන්නේ මේ ක්‍රමවේදය අනිත් අයට පිළිගන්න පුළුවන්, අනිත් අයගේ රටවල තිබෙන විවිධ ක්‍රමවේද සමඟ සංසන්දනය
කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලකට ලිඛිතව මෙය නිර්මාණය කිරීම.

මම විශ්වාස කරනවා .ඩයිවින් බර්ඞ්ස්. කියන කාරණය ප්‍රායෝගික කරුණු රැසක එකතුවක් නිසා අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ප්‍රායෝගික තත්ත්වයන් වුනොත් මෙය ලොව පිළිගන්නා සිද්ධාන්තයක් බවට පත්වේවි. මේක ලෝකයට ගෙන යායුත්තේ ප්‍රචාරක මාධ්‍යයෙන්ම තමයි. ඒ වෙනුවෙන් ද මා ගාව සැලසුමක් තිබෙනවා.

සංචාරක කර්මාන්තය හරහා මේ සංකල්පය ලෝකයට නිරාවරණය කරන්න සැලසුමක් තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය හා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැනි විදේශ රටවල් සමඟ වැඩකටයුතු කල බොහෝ පිරිසක් මේ කර්තව්‍යයේදී සම්බන්ධ වෙනවා. ඔවුන් සමඟින් මේ සංකල්පය ලෝකයට ගෙන යාමයි මගේ අරමුණ.

මේ සංකල්පය ගෙන යන්න මුදල් අවශ්‍ය නැහැ. මම මේ කියන කාරණය හොඳයි කියලා පුවත්පත කියවන කෙනෙකුට හිතුනොත් ඔහු හෝ ඇය මේ ගැන අන්තර්ජාලය ඔස්සේ වැඩිදුර හොයන්න පටන් ගනීවි. මේ පොත එළිදැක්වීමෙන් පසුව ඒ ඔස්සේ සංකල්පය ගැන තවත් දැනගනීවි.

ඔබත් එක්ක අලුතෙන් වැඩකරන පිරිස මේ සංකල්පය මොන විදියටද ග්‍රහණය කරගෙන තිබෙන්නේ?

.ඩයිවින් බර්ඞ්ස්. කියන සංකල්පය මම විවිධ කණ්ඩායම්වලට අත්හදා බලලා තියෙනවා. මුලින්ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට යොදාගෙන බැලුවා. එය සාර්ථක වෙලා තිබෙනවා. පසුව රූපවාහිනී උපකරණ සපයන ක්ෂේත්‍රයට යොදාගෙන බැලුවා. ඵෂඊ නමින් ආරම්භ කරපු ආයතනය හරහා. ඉන් අනතුරුව මම මුද්‍රණ මාධ්‍ය වෙනුවෙනුත් මේ සංකල්පය සාර්ථක අත්හදාබැලීමක්කරා. මගේ තේමා පාඨය වන්නේ ,සතුටින් ජීවත්වීමේ ව්‍යාපාරය, යන්නයි. අපේ ආයතනවලට සම්බන්ධ වන පිරිස හා සතුටින් තමා වැඩ කරන්නේ.
මම .ඩයිවින් බර්ඞ්ස්. නවතම පාඨමාලාවක් 2021 උසස් පෙළ හදාරන සිසුන්ට අලුතෙන්ම ආරම්භ කළා. මෙහිදී, උසස් පෙළ මාධ්‍ය හා සන්නිවේදනය කියන විෂයයට . කිමිදෙන කුරුල්ලෝ. කියන සංකල්පයත් එකතු කරලා අවුරුදු 02 ක් පුරා මේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම නොමිලේ දරුවන්ට උගන්වනවා. එහිදී විශේෂිත දේශන වෙනුවෙන් සම්පත් දායකයින් 26 දෙනෙක් අප සමඟ එක් වෙනවා. අපේ අපේක්ෂාව පන්තියට සහභාගීවන දරුවන්ට මාධ්‍ය අධ්‍යනය විෂයය වෙනුවෙන් උසස් පෙළ විභාගයේදී හෝ අවම වශයෙන් ඊ වැනි උසස් සාමාර්ථයක් හිමිකරදීම.

උසස් පෙළ සමත් වුනත් විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුණොත් ඒ දරුවන් වෙනුවෙන් රැකියා අවස්ථා මේ පාඨමාලාව ඔස්සේ උදාවෙනවා. ඒකට හේතුව රැකියා ලෝකට පිවිසෙන්නේ කොහොමද කියන දේ අපි මේ පාඨමාලාව තුල සාකච්ඡා කරනවා. ඊට අමතරව එක රැකියාවක්ක් කරන අතරතුර තවත් රැකියා ගණනාවකට සම්බන්ධ වෙලා නීත්‍යනුකූලව මුදල් උපයන්නේ කොහොමද කියලා අපි කතා කරනවා.

ක්‍රමවේදයක්, දර්ශනයක් උගන්වන්න කාලයක් ගතවෙනවා මේ වගේ සංකල්පයක් කෙනෙක්ට කාවද්දන්න අවුරුදු 02 ක්වත් ගත වේවි. හැබැයි අපි රටේ එක් තැනකින් හෝ පටන් ගැනීමක් සිදු කළොත් තව අවුරුදු 15-20 යනකොට මුළු රටම සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ මමත්වය වෙනස් කිරීම. ඒක තමා අපේ ප්‍රමුඛතම අරමුණ.

ඔබ මේ දේවල් කරන්නේ දේශපාලනයට පිවිසීමට ප්‍රවේශයක් ලෙස කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද?

2011 දී මම මේ සංකල්පය ඉදිරිපත් කරන මොහොතේ මිනිස්සු කිව්වා මම දේශපාලනයට එන්න හදනවා කියලා. 2013 මෙහි ප්‍රචාරක කටයුතු කරගෙන යද්දී ඒ පැත්තේ දේශපාලඥයෝ බය වුණා, මම දේශපාලනයට එයි කියලා. මම දේශපාලඥයින්ට ආරාධනා කරනවා ළමයි වෙනුවෙන් නොමිලේ මේ දේවල් කරන්න. අධ්‍යාපනය දානය ලෙස දෙන්න. එහෙම දේවල් කරලා දේශපාලනයට ආවට කමක් නැහැ.

ලංකාවේ මන්ත්‍රීවරු 225 කියන්නේ අපේ රට පාලනය කරන ව්‍යවස්ථාදායක සභාව නම් එකක ඉන්න ඕනි බුද්ධිමත් ජනතාව මිසක් , එතැනට ගිහින් රටේ ජනතා මුදලින් ඉගෙන ගන්න කණ්ඩායමක් නෙවෙයි.

මේ කාරණා එක්ක බලද්දී මට දේශපාලනය කියන්නේ අදාළම දෙයක් නෙවෙයි. ලෝකයේ ඕනම රටක අලුත් දෙයක් ගේන්න හදද්දී එයට විරුද්ධව විවිධ කතා ගොඩ නැඟීම සාමාන්‍ය දෙයක්. මම කිසිම අවස්ථාවක කියන්නේ නැහැ මට දේශපාලනය එපා හෝ දේශපාලනය හොඳ නෑ කියන දේ. මට යම් අවස්ථාවක් ලැබුනොත් මම ඒ ගැන හිතමින් ඉන්න කාලය වැය කරන්නේ නැහැ.

නමුත් දැනට මම දේශපාලනයට පැමිණීම යන අරමුණ වෙනුවෙන් මේ දේවල් කරන්නේ නැහැ. හේතුව මේ දේවල් කළොත් දේශපාලනය කරන්න බැහැ. අද රටේ තියෙන ජරාජීර්ණ දේශපාලන ක්‍රමය එක්ක හොඳ වැඩ කරලා ජයග්‍රහණය කරන්න බැහැ. මගේ උවමනාව දේශපාලනය පැත්තකට දාලා මේ අවස්ථාවේ අප විසින් කල යුතු දේ කරගෙන යාමයි. ඒ වෙනුවෙන් තමයි මම මේ මහන්සි වෙන්නේ. මට මගේ පාර්ශවය වෙනුවෙන් ලබාගතයුතු කිසිවක් නැහැ. එයට හේතුව මම ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයෙක්. සමාජයීය වශයෙනුත් මගේ මට්ටම සමඟ ඉදිරියට ආව අයෙක්. මට ලොකු උවමනාවක් තිබෙනවා මේ රටේ වෙනසක් ඇති කිරීම වෙනුවෙන්. එහි ආරම්භක පියවර මේ වනවිට ගාල්ලේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මකයි. හරි දෙයක් වෙනුවෙන් මම වෙහෙසෙන්නේ. ඡන්දය ගැන කතාවක් එතැන නැහැ.
මේ කටයුත්ත ගාල්ලෙන් ඇරඹුවේ, මම ඉපදුණ හැදී වැඩුණ, ඉගෙන ගත්තු, මගේ අම්මා තාත්තා ඇතුළු මුළු පවුලම ඉන්නේ ගාල්ලේ නිසා. මගේ ප්‍රධාන අරමුණ .ඩයිවින් බර්ඞ්ස්. සංකල්පය ලෝකයට ගෙනයාමයි. එතැනින් එහාට තමා අනිත් දේවල්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්