නවතම පුවත්

බේරුවල මද්‍රරසා විද්‍යාලයේ ආරම්භය 80 දශකයේ – බහුතරයක් පාසල්වල උගන්වන්නේ ෂරියා නීතිය පමණයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට පළමුවන අරාබි විශ්ව විද්‍යාලය වන බේරුවල පිහිටි ජාමියා නලීම් නැමති විශ්ව විද්‍යාලය අසූව දශකයේ මුල සිට මෙරට ක්‍රියාත්මක වී තිබේ.‍‍ මේ බව හෙළිවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති සොයාබලන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ජමාත්තේ ඉස්මිය සංවිධානයේ නායක රාසිම් අබ්දුල් අක්බාර නැමැත්තාගේ සාක්ෂිවලිනි.

ජමාතේ ඉස්ලාම් සංවිධානය වසර 24 ක් නායකත්ය දරා ඇති ඔහු 1976 සිට වසර 07ක් බේරුවල ජාමියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු බව අනාරණය විය.

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට චෝදනා ලැබු පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරිමට සුදානමින් සිටි සාදික් සහ සාහිඩ් යන සහෝදරයන් දෙනොගේ පියා වන ඊබ්‍රාහිම් මවුලවි නැමැත්තාද බේරුවල මෙම අරාබි පාසලේ අධ්‍යාපන ලබා ඇති බව අනාවරණය විය.

මෙම මද්‍රරසා පාසල්වලින් උගන්වනු ලබන ‍‍දේ අතර ලංකාවේ නීතියට පටහැනි දේවල්ද තිබෙන බවත් මුළුමනින්ම එහි උගන්වන්නේ ශරියා නීතිය බවද ඔහු සදහන් කලේය. මද්‍රසා පාසල්වල උගන්වනු ඇතැම් ලංකාවේ නීතියට පටහැනි සහ නොගැලපෙන දේවල්ද ඇති බව ඔහු පැවසීය

ජමාතේ ඉස්ලාමීය සංවිධානයට කුවේට හී පිහිටි අර්ධ  රාජ්‍ය සංවිධානයකින් ද එක්සත් රාජධානියෙන් සහ කැනඩාවේන් අරමුදල් ලැබෙන බවද පැවසීය ඊට අමතරව මෙම සංවිධානයට සම්බන්ධ මැදපෙරදිග අරාබි රටවල් වල සිටින සාමාජිකයන් මුදල් ලබා දෙන පැවීසීය.

‍බෙරුවල ජාමියා නලීම් මද්‍රරසා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු මාදම්පේ අළුතින් ආරම්භ කල මද්‍රරසා විදුහලක තමා 1987 වසරේ ගුරුවරයෙක් ලෙස එම පාසලේ සම්බන්ධ වු බවද පැවසීය.

 ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ එම පාසලේ එකල එහි විදුහල්පතිව සිටි අබ්දුල් ගෆුර් මෙහොමඩ් නදීර් පවතින  රජයේ නීති පිලිපැදිය යුතු නැති බවත් ෂරියා නීතියට පමණක් ගරු කරන්න යැයි සිසුන්ට දේශන පැවැත්වූ බව ඔහු සදහන් කලා. මෙම පුද්ගලයා සෞදි අරාබියේ මදීනා ඉස්ලාමික් නැමති නැමති ෂරියා පාසලකින් ඉගෙන ගෙන පැමිණි අයකු බවද වැඩිදුරටත් පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්