නවතම පුවත්

බේලාගේ ට්‍රම්ප් සහ කේලාගේ මහින්ද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාස තුනකට පෙර නිව්යෝර්ක් රොන්කොන්කොමා සමොසෙට් පාසල එරට ප්‍රධාන නාලිකාවල පුවත් මැවුවේ බේලාගේ කතාව නිසාය.
ඒ එම පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු බේලා මොස්කටෝට ඇයගේ වීරවරයා සම්බන්ධයෙන් පාසල් ව්‍යාපෘතිය සකස් කිරීමට නොහැකිවීම නිසාය.
බේලාගේ වීරවරයා වී තිබුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ය. ඇයගේ වීරවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් යැයි කී විට ඇගේ ගුරුවරිය තවත් ගුරුවරියක් සහ පංති කාමරයේ ළමුන් ඉදිරියේම ඇයගේ වීරවරයා ප්‍රතික්ෂේප කොට තිබුණාය.
එසේ ප්‍රතික්ෂේප වී තිබුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ගුරුවරිය බේලාට යෝජනා කර තිබුණේ ට්‍රම්ප් වෙනුවට හිටපු ජනාධිපති බ්රැක් ඔබාමා වැනි චරිතයක් ගත හැකි බවයි.
තමන්ට තමන් කැමති වීරවරයා පාසල් ව්‍යාපෘතියට යොදා ගැනීමට නොහැකිවීම නිසා බේලා ඊට තදින් අකමැතිවුවාය. ඇයගේ මව වැලරියා මොස්කටෝ මේ ගැන මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කළායා. ඇමෙරිකාවත් ඇමෙරිකාවේ අධ්‍යාපන බලධාරින් ගුරුවරුන්ගැන බොහෝ කතා මවන්නට එය හේතුවක් වුයේය.
ඒ බේලාගේ කතාවය. දැන් අප කියන්නේ කේලාගේ කතාවය. කේලා ඉගෙනුම ලබනුයේ කොළඹ 07 කාන්තා විද්‍යාලයේය (Ladies College) ඇය තවමත් 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. කේලාගේ පාසල් ව්‍යාපෘතියට ඇයගේ වීරවරයා වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරවරයා යැයි තෝරාගත්විට පංතියේ ගුරුතුමිය බේලාට මෙන් කේලාට විරුද්ධ වුයේ නැත. කේලා තමන්ගේ වීරවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෙස තෝරාගත්තේ ඇයිදැයි විමසනවිට කේලා ඊට කටපුරා උත්තරයක් දුන්නේ මෙරට යුද්ධය නිමා කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව කියමිනි.
ඉතිං මේ කේලාට පසුගියදා තමන්ගේ ව්‍යාපෘතිය සහ රචනාවට පෙර හැබවින්ම මහින්ද රාජපක්ෂ මහතා බැහැ දැකීමට සිහිනයක් තිබුණේය. ඇයගේ ඉල්ලීම තමන්ගේ පියා ෂොන්ටත් ඉන් අනතුරුව පියාගේ මිතුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂටත් යොමුවිය.
පසුගිය සිකුරාදා මහින්ද රාජපක්ෂ මහතාට කේලාගේ කතාව කියන්නටත් පෙර ඇයව විජේරාමේ නිල නිවසට කැදවාගෙන එන්නැයි පණිවුඩයක් ලැබිණි. කේලාගේ පියා, කේලා සහ මිලින්ද සහ මම සිටියේ එකම මෝටර් රථයේය.
මේ සිගිති කේලා ඇයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැබවින් දැක පින්තූරයක් ගැනීමට ඇති ආශාව මෝටර් රථයේ ගමන් කරන ගමන්ද කීවාය. නමුත් ඇයට චකිතයක් තිබිණි. හිතට පුංචි බයකුත් ඇතැයි ඇය මෝටර් රථයේදී පියාට කීවාය.
අප කළේ ඇයව අස්වසා බිය තුරන් කිරීමය. ඔයා කාට බය වුණත් මේ ලෝකේ බයක් නැතිවම ඔයාට කතා කළ හැකි අයෙකු වේ නම් ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායැයි මිලින්ද කීවේය. ඇයට පුංචි සිනාවක්ද ආවේය.
විජේරාම නිල නිවසේදී කේලාගේ බලාපොරොත්තුව ඉටුවුයේ ඇය සිතුවටත් වඩා ඉහලිනි. මා කේලා ගැන කතාව කියන අතරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇයව ඔහු ළගට ගත්තේ අතින් අල්ලා ගනිමිනි. දැන් දුවේ ඔයා රචනාව ලියුවාදැයි මහින්ද රාජපක්ෂ මහතා ඇසුවේය.
තවම නෑ යැයි කේලා පිළිතුරු දුන්නේය. දැන් ඔයාට පුළුවන් මාත් එක්ක කතා කරා කියලත් ලියන්න යැයි කියමින් දහසකුත් වැඩ රාජකාරි අමතකව ගියා මෙන් පුංචි කේලා දෙස බලමින් මහින්ද රාජපක්ෂ මහතා කීවේය. නිව්යෝර්ක් සිටින බේලාට වඩා කොළඹ සිටි කේලා වාසනාවන්ත වුයේය.
බේලාට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන සහිත ලියුමක් ධවල මන්දිර ලිපි ශීර්ෂයකින් නිවසටම ලැබුණේය. කේලාට තමන්ගේ ලෝකයේ වීරවරයා තෝරාගත්තා පමණක් නොව ඔහු හමුවී කතාබහ කිරීමට තරම් අවස්ථාවක්ද උදාවුවාය.
ඇත්තටම බේලා මෙන්ම කේලා තමන්ගේ වීරවරයන් ඔස්සේ දකින අනාගතය ඒ ඒ රටේ අනාගතය බව අප මොහොතකට හෝ අමතක නොකළ යුතුය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි