නවතම පුවත්

බොරැල්ල පල්ලියේ බෝම්බය: අත්අඩංගුවට ගත් දොස්තරගෙන් උසාවියට පැය 2ක රහස් ප්‍රකාශයක්

Roshan

Roshan


අසංක නවරත්න

බොරැල්ල සියලු ‍සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී  අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයා විසින් අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබාදී තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ මෙලෙස රහස් ප්‍රකාශය ලබාදෙන ලද්දේ අත්අඩංගුවේ පසුවන  ශර්ලි දයානන්ද වෛද්‍යවරයා යයි.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව නැවතත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් ඇත.

මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ඊයේ (26) කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවාගෙන සිටින දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු  තුන් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කර සිටියේය.

සිදුවූ දෑ හරියාකාරව විමර්ශනය කරන්නේ නැතිව අහිංසක පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් රඳවාගෙන සිටින බවට ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා චෝදනා කර ඇත.  මෙම සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඊට අදාළ CCTV දර්ශන අධිකරණයට භාර දෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි හෙයින් මෙම පරීක්ෂණය එම කොට්ඨාශයෙන් ඉවත්කොට වෙනත් අංශයක් වෙත භාර දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා  අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ තම සේවාදායකයා  දිස්ත්‍රික් වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට 2006 වසරේ විශ්‍රාම ගිය අයෙකු බවත් ඔහු 75 පස් වන වියේ පසුවන බව සඳහන් කළ නීතිඥවරයා ඔහු රෝගාබාධ කීපයකින් පෙළෙන බවය.

අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයා අමතා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ සිදුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් එම පනත යටතේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීම අනවශ්‍ය බව පෙන්වා දුනි.

මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින්නේ නම් ඔවුගේ සෞඛ්‍ය තත්ත්වය, පොලීසිය තුළදී ඔහු සැලකීමට භාජනය වන ආකාරය වැනි කරුණු නිරික්ෂණය කිරීමට අධිකරණයට බලයක් තිබෙන බව විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය හමුවේ පවසා ඇත.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළේ, මෙම විමර්ශනවලට සම්බන්ධ රහස්‍ය කරුණු ජනමාධ්‍ය ඔස්සේ පළ වීම තමන්ට ද ගැටලුවක් බවය.

ඉන් අනතුරුව කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන මිසම භාර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය බරපතළ සිද්ධියක් බව සඳහන් කර සිටියේය.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු තවදුරටත් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසත් අධිකරණය නියෝග කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි