නවතම පුවත්

බෝයිං-737 යානා පන්දහසේ ඇනවුම නවතීද? – 350ක් දැනටත් ලොව පුරා – වැඩිම යානා ගත් අමෙරිකාව තවමත් මෙහෙයුමේ

අසංක

අසංක

ආන්දෝලනයට තුඩු දී තිබෙන බෝයිං 737 මැක්ස් 8 තාවකාලිකව අත්හිටුවූ රටවල් ලැයිස්තුව තවත් දිගු කරමින්   යුරෝපා සංගමය සහ ඉන්දියාව ද ඒම යානා මෙහෙයුම්වලින් අත්හිටුවා තිබේ.

රටවල් ගණනාවක් මේ වනවිට මෙම තීරණය ගෙන ඇතත් අමෙරිකාව සහ කැනඩාව පමණක් හුදෙකලා තීරණයක ඒල්බ සිටිමින් තවදුරටත් ඒම වර්ග‌යේ යානා මෙහෙයුම්වල යොදවන බවට ප්‍රකාශ කර ඇත.

ගැටලුව ඇත්තේ බෝයිං 737 මැක්ස් 8 යානා වැඩිවශයෙන්ම යොදාගන්නා ලොව විශාලතම ගුවන් මෙහෙයුම් සිදුකරනුයේ අමෙරිකාව වීමයි.

කෙසේවෙතත් ආරක්ෂාව තහවුරු කරන තෙක් ගන්නා ලද මෙම තීරණයට ඒළැඹ සිටින ඒංගලන්තය, සිංගප්පූරුව, ඉතියෝපියාව, චීනය, අයර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මලයාසියාව ආදි රටවල් මෙම යානා නිෂ්පාදන සමාගමෙන් යානා විශාල සංඛ්‍යාවක් දැනටමත් ඇනවුම් කර තිබේ.

ලොව පුරා රටවල් ගණනාවක් මෙලෙස බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානා 5011ක් ඇනවුම් කර ඇති අතර ඉන් යානා 350ක් දැනටමත් අදාළ රටවලට මෙහෙයුම් සදහා යවා තිබේ.

ගෙවී ගිය මාස 6 තුළ අලුත් යානා දෙකක් පිටත්වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූයේ සියගණනකට මරු කැදවමිනි.

මේ වනවිට බෝයිං සමාගමේ වෙළෙදපොළ වටිනාකම පසුගිය සිකුරාදා සිට සීඝ්‍රයෙන් ඩොලර් බිලියන 27කටත් වඩා පහළ ගියේය.

බෝයිං නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ මෙම යානාව නිපදවීමේදී වෙනත් යානාවලට වඩා ආරක්ෂිත අයුරින් ඒහි පද්ධතිය වැඩිදියුණුකිරීමක් සිදුකළ බවයි.

ඒබැවින් වෙනත් යානාවලට වඩා නවීතම ආරක්ෂිත වැඩිදියුණු කිරීමකින් මෙම යානාව සමන්විත බව ද ඔහු පුන පුනා කියාසිටියි.

පසුගියදා අනතුර සිදුවූ ඉතියෝපියානු ගුවන් සේවය ද මෙම යානා 30ක් මීට ‌පෙර ඇනවුම් කර තිබුණි.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි