නවතම පුවත්

බෝරා මුස්ලිම් සමුළුවේ ආදායම බිලියන 9 පනී – පොලිසියේ හමුදාවේ 2500 කට දිනපතා කන්න බොන්න දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තවත් දින 3 කින් අවසන් වීමට නියමිත බෝරා මුස්ලිම් සමුළුවෙන් බලාපොරොත්තු වූ ආදායම බිලියන 05 ක් වුවද මේ වන විට ආදායම බිලියන 9 ක් දක්වා ඉහළ ගොස් ඇතිබව thecolomboexpress.com අපට වාර්තා වෙනවා.
21,000 ක පමණ පිරිසක් පැමිණෙන බව කලින් ප්‍රකාශ කර තිබුණත් මේ වන විට ලංකාවට පැමිණි බෝරා මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රමාණය 31,000 කට වඩා වැඩි බවත් සංවිධායකයින් අප සමග ප්‍රකාශ කලා.

එසේම 10 වනදා සමුළුව අවසන් වීමෙන් පසු පැමිණි සියළුම දෙනා පාහේ ලංකාව පුරා සංචාරය කිරිමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඇල්ල, සීගිරිය, දකුණ, ආදි ප්‍රදේශ වල හෝටල් සහ සෆාරි බංගලා ආදිය මේ වන විට වෙන්කර ඇති බවත් අප කල සොයා බැලීමේදි වාර්තා වුනා.

පසුගියදා ඇතිවූ රථ වාහන තදබදය සම්බන්ධයෙන් අප පොලිසියේ ඉහළ නිළධාරියකුගෙන් කල විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ මුල් දින කීපයේම මේ ගැටළුව පැවතියද පසුව එය මගහැරී ගිය බවයි.

කොල්ලුපිටිය බම්බලපිටිය ආශ්‍රිත මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියවලට වේග සීමා පැන වීමටද සිදුවූ බව ඔහු පැවසුවා හේතුව ලෙස ඔහු සදහන් කලේ ඒ ආශ්‍රීත ප්‍රදේශයේ වැඩිම දුම්රිය අනතුරු සිදුවන බැවින් බෝරාවරුන් ඒ හරහා ගමන් කිරිම නිසා බවයි. එසේම බොහොමයක් බෝරාවරුන් කොළඹ තමන්ගේ ගමනාගමනය සදහා පොදු ප්‍රවාහන බස් රථ භාවිත කල බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා.

බෝරා සමුළුවට සහභාගිවන සැමට උදේ දිවා සහ රාත්‍රී ආහාරවේල් සියල්ලම ලබාදෙන අතර දිනකට අවම වශයෙන් 21,000 ක පිරිසක් අහාරපාන ලබා ගන්නා බවත් එසේම අහාරපාන සකස් කිරිමේ කටයුතු වලට ඉන්දියානු තරු පන්තියේ කෝකිවරුවන් 500 ක පිරිසක් සහ තවත් 1000 කට ආසන්න පිරිසක් එම කටයුතු වල නිරත බවත් වැඩිදුරටත් සදහන් වේ.

සමුළුවේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 2500 ක පිරිසටද අවශ්‍ය සියළුම ආහාරවේල් ලබාදීමට සංවිධායකයින් කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සිටින්න්නේ බෝරා මුස්ලිම්වරුන් 2500 පමණක් බව සදහන් වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී