නවතම පුවත්

මත්කුඩු හා රසායන සොයාදෙන විශේෂ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට

අසංක

අසංක

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් david holly සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබ් විල්සන් යන මහත්වරුන් විසින් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපාංගවල ප්‍රධාන වන්නේ අතේ ගෙන යා හැකි, ජල ආරක්ෂිත සහ ක්ෂේත්රයේ භාවිත කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබීම, බහලූම් තුළ තිබියදී පවා ඝන සහ ද්‍රව වර්ග හඳුනා ගැනීමේ හැකියාව, පුළුල් උෂ්ණත්ව පරාසයක හා විවිධ පරිසර තත්වයන් යටතේ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව, පුපුරන ද්‍රව්‍ය විෂ සහිත කාර්මික රසායනික ද්‍රව්‍ය, රසායනික යුද අවි කාරක, මත්ද්‍රව්‍ය රසායනික පුරෝධාවක සහ සුදු පැහැති කුඩු සොයාගැනීමේ හැකියාවයි.

ගෝලීය ත්‍රස්තවාදයේ තර්ජන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වල බලපෑමට මුහුණ දීමේදී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ ලබාදීම මගින් අපරාධ වලට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපෙළ සේවාවල යෙදී සිටින ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ට රුකුලක් වනු ඇති බවත් ශ්‍රී ලංකා පොලීසිය සහ ඔස්ට්‍රේලියානු පොලීසිය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය ද තවදුරටත් තහවුරු වන බවත් ඒ නිලධාරීන් අවධාරණය කර තිබේ.

රසායිනික හඳුනා ගැනීමේ උපකරණ කාර්යක්ෂමව හා ඵලදායි ලෙස භාවිත කිරීම සහතික කිරීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් පශ්චාත් පිපිරුම් අපරාධ ස්ථාන හා මත්ද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳ පුහුණුවක් sri lanka police ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ලබා දෙනු ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී