නවතම පුවත්

මත්පැන් බෝතල් ගෙන්වා ජල බෝතල් යවන ජාවාරමට රේගු නිලධාරියෙක් දැලේ

අසංක

අසංක

ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මලයාසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාවෙන් විදෙස් මත්පැන් තොගපිටින් මෙරටට රැගෙනවිත් ඒ වෙනුවට ජල බෝතල් මාලදිවයිනට ප්‍රති අපනයනය කිරීමේ දැවැන්ත ජාවාරමකට සම්බන්ධ රේගු පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඡාවාරම පිටුපස මරණිය දණ්ඩනය නියම වී බන්ධනාගාරගත කර සිටින සිරකරුවෙක්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත.

මෙම ඡාවාරම සම්බන්ධයෙන් වූ මුල් පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ ශ්‍රී ලංකා රේගුවෙනි.

විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව කන්ටේනර් පිටින් ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මත්පැන් ආනයනය කර එම කන්ටේනර් ප්‍රති අපනයනය කරන තෙක් සීදූවේ පිහිටි කන්ටේනර් අංගනයක රදවා තැබේ.

එම රේගු අංගනය පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට සම්බන්ධකම් ඇති ස්ථානයක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ප්‍රති අපනයනය කිරීමේ කටයුත්තට එම කන්ටේනර් භාරවන්නේ වත්තල පිහිටි නෞකා සමාගමකටය.

සීදූවේ සිට එම සමාගමට කණ්ටේනර රැගෙන එන අතරතුර පෑලියගොඩ පිහිටි යම් ස්ථානයකට එම කන්ටේනර් රැගෙන ගොස් එහි මුද්‍රා ඉවත්කර එහි ඇති මත්පැන් බෝතල් ඉවත්කර ඒ වෙනුවට ජල බෝතල් පුරවන බවද විමර්ශන වලින් හෙළිවී තිබේ.

අනතුරුව නැවත එම කන්ටේනර්වලට මුද්‍රා තබා වත්තල පිහිටි නෞකා සමාගමට එම කන්ටේනරය භාරදී මාලදිවයිනට එම කන්ටේනර් අපනයනය කරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ජාවාරමෙන් රජයට කෝටි ගණනක බදු මුදල් වංචාවක් සිදුවන බවත් ඊට රේගුවේ දූෂිත නිලධාරීන්ගේද සහය ලැබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් හෙළිවී ඇත.

මෙම දැවැන්ත ජාවාරමේ මහමොළකරුවන් කිහිප දෙනෙක් මේ වන විට සැගවී සිටින බවත් ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මරණිය දණ්ඩනය නියම වී සිටින පුද්ගලයා විසින් මෙම ජාවාරම මෙහෙයවන බවත් මත්කුඩු ජාවාරමට සම්බන්ධ පිරිස්ද මෙම ජාවාරම පිටුපස සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි