නවතම පුවත්

මද්‍රාසා විදෙස් දේශකවරු නියාමනයට ඉඩ නොදුන්නේ අසාත් සාලි – කොමිසමේ දී එළියට

අසංක

අසංක

මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු සදහා මෙරටට පැමිණෙන විදේශිකයන් නියාමනය කිරීමට යාමේදී එවකට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ පිරිසක් විරෝධය දැක්වූ බව අනාවරණය වේ.

ඒ බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේදී හෙළිකළේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවය කළ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියෙකි.

මද්‍රාසා පාසල් දේශකවරුන් නියාමනයට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වී තිබේ.

විවිධ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙරටට පැමිණිමට හැකියාවක් ඇති බැවින් ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාවෙත ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ලිපියක් 2017 වසරේ යොමුකර ඇත.

ඒ සම්බන්දයෙන් නිසි පියවර නොගැනීම හේතුවෙන් 2018 වසරේදී නැවතත් ඒ පිළිබදව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළ බවද එම බුද්ධි නිලධාරියා කීය.

විවිධ රටවල සිට මෙරටට පැමිණි ආගම් ප්‍රචාරය කරන පුද්ගලයින් සහ අයි.එස්. සංවිධානයට සම්බන්ධවී සිට නැවතත් මෙරටට පැමිණි අය පිළිබදව 2017 සහ 2019 යන කාලය තුළ සතිපතා පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී සාකච්ඡා වී තිබේ.

ඒ සම්බන්දයෙන් ක්‍රියාත්මක වීමට අදාල ආයතන සමග ජාතික බුද්ධි ප්‍රධානියා විසින් යම් වැඩ පිළිවෙලක් සකස්කළ බවත් ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ දින හෝ ඊට පසු දින සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ පිරිසක් සමග පැමිණ ජාතික බුද්ධි ප්‍රධානියා හරහා ආරක්ෂක ලේකම් හමුවී තිබේ.

එහිදී ඔවුන් බුද්ධි ප්‍රධානියාගේ වැඩ පිළිවෙලට තමන්ගේ නොසතුට පළකර විරෝධය දැක්වූ බවද සාක්ෂිකාර බුද්ධි නිලදාරියා පැවැසීය.

විදේශිකයන් අන්තවාදීන් නොවන බැවින් ඔවුට ශ්‍රී ලංකාවට පැමිණ ඉගැන්වීම් කටයුතු කිරීමට ඉඩදෙන්නැයි ඔහු ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.

රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුර බුද්ධි සමාලෝචන රැස්වීම් වලදී කථාපෙට්ටියක් පමණක් බවට පත්වූ බවද ඔහු පැවැසීය.

ජාතික බුද්ධි ප්‍රධානී තනතුර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ තනතුරට සමාන බව සදහන් වූවත් පසුගිය සමයේ සැබවින්ම එය පත්ව තිබුනේ බෝඩ් ලැල්ලකට පමණක් බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් 300 ක් පමණ මිය යාමට වගකිව යුත්තේ එවකට සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ව සිටි ජනාධිපති සහ අගමැතිවරයා බවද ඔහු කීය. තමා කිසිවක් නොදන්නා බව කියමින් ඒ අයට වගකීම්වලින් ගැලවෙන්නට බැරි බවද බුද්ධි අංශ නිලධාරියා කොමිසම හමුවේ අවධාරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි