නවතම පුවත්

මධූෂ් ඇල්ලූ මෙහෙයුම ගැන ආරක්ෂක බුද්ධි කණ්ඩයම් 3ක් ගැටුමක

අසංක

අසංක

ප්‍රභල පාතාල නායක මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය දිනා ගැනීම උදෙසා මෙරට ක්‍රියාත්මක ආරක්ෂක බුද්ධි මෙහෙයුම් කරන කණ්ඩායම් 3 ක් ගැටුමකට මුල පුරා ඇති බව thecolomboexpress.com වෙත වාර්තා වේ.

මේවන විට එම ගැටුම් මඩ ගසා ගැනීම දක්වා වර්ධනය වී ඇති අතර එක් කණ්ඩායමක් පවසන්නේ තමන් මාස 3 තිස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිට ඔත්තුකරුවන් යවා අත්අඩංගුවට ගත් බවයි.

තව කණ්ඩායමකට අනුව මධුෂ්ගේ අභ්‍යන්තර ගැටුමක් පාවිච්චි කරමින් ඩුබායි පොලිසිය හරහා අත්අඩංගුවට ගත් බවයි.

එලෙසම මෙයට ශ්‍රී ලංකාවේ කිසිදු සම්බන්ධයක් නොමැතිව ඩුබායි පොලිසිය විසින් මෙය සිදුකල බවටද අදහසක් ජනතාව අතර පැතිර යයි. රාජ්‍ය බුද්ධි අංශයට අනුව මේ මෙහෙයුම ඔවුන්ගේය.

ඒ කෙසේ වුවද මේ වන විට මධුෂ් අත්අඩංගුවේය. ලංකාවේ සෑම සියළු දෙනාම ඒ ගැන සතුටු වන්නේ රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් ලෙසයි. මේ අවස්ථාවේ පෞද්ගලික අරමුණු පසෙක තබා ඉදිරි පියවර ගැන සියළු ආරක්ෂක අංශයන් කටයුතු කරනවා නම් එය පොදු මහජනයාගේ හිතසුව පිණිස වනු ඇත.

එසේ නොමැතිනම් තම දිවිපරදුවට තබා මේ මෙහෙයුම් කල නිළධාරීන්ගේ තොරතුරු හෙළිදරව් වූ පසු එම නිළධාරීන්ගේ හා පවුල්වල සාමාජිකයන්ට පාතාලයෙන් දැඩි තර්ජනයක් එල්ල වනු ඇත. අපට අතීතයේ එවැනි අත්දැකීම් අඩුවක් නැතිවම ලැබි ඇති නිසා මේ ගැන නිසි බලධාරීන් අවධානයට යොමුකරනවා නම් එම නිළධාරීන්ට බියක් සැකක් නොමැතිව ඉදිරියටත් සේවය කල හැකි වනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි