නවතම පුවත්

මධූෂ් ලංකාවට ගෙන ඒම වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින මාකදුරේ මධූෂ් මෙරටට ගෙන ඒම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා කෙනකු වන සූරියවැව පදිංචි ඒ.බී. ශ්‍රියානි නමැත්තියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති බැවින් මාකදුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් එය වළක්වන ලෙසත් ඔහු මෙරටට රැගෙන ඒම වළක්වන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

විවිධ චෝදනා යටතේ මෙරටදී රිමාන්ඩ් භාරයට පත්වූ මාකදුරේ මධූෂ් සිය පුත්‍රයා සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේ ජීවිත ආරක්ෂාව පතා බවට පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියේ ය.

මාකදුරේ මධූෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළදී පොලිස් විශේෂ කාර්ය බළකාය හෝ රහස් පොලිසියේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්