නවතම පුවත්

මන්ත්‍රී නිවසක් බිඳින්න ආ හොරාට කොරෝනා – පොලීසියක්ම නිරෝධායනයට

අසංක

අසංක

ජා- ඇල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසක් බිදීමට ඊයේ (05) උදෑසන ඇතුළු වූ සොරෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය වීමක් හේතුවෙන්එම සොරාව අත්අඩංගුවට ගැනීමට මුල්වූ පමණුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොස් ස්ථානයේ සේවයේ නිරතව සිටි නිලධාරීන් 30 දෙනෙක් පොලිස් ස්ථානය තුළම ස්යං නිරෝධායනයට යොමු කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ නියෝග මත පොලිස් නිලධාරීන් එසේ නිරෝධායනයට යොමු කර ඇත්තේ අද උදෑසන සිටය.

පොලිස් ස්ථානයක්ම නිරෝධායනයට ලක්කරන පළමු අවස්ථාව වන්නේ මෙයය. පොලිස් ස්ථානාධිපතිවරයා නිරෝධායනයට යොමු කර ඇති බැවින් වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත්කර පොලිස් ස්ථානයේ දෛනික කටයුතු කිරීම සදහා අලුතින් නිලදාරීන්ද යොමු කර ඇතැයි පොලිස් තොරතුරුසදහන් කළේය.

කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි කියනු ලබන එම සැකකරු මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෙකි. ඔහුව අල්ලා පොලීසියට භාරදී ඇත්තේ මන්ත්‍රීවරයාගේ නිවස අවට පදිංචි කරුවන්ය. ඒ අයද ස්යං නිරෝධායනයට යොමු කර තිබේ.

සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගන්නා විට තුවාල ලබා සිට ඇති අතර ඒ නිසාම ඔහුව පමුණුගම රෝහලට ඇතුලත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. අනතුරුව රාගම රෝහලට ඔහුව මාරුකර යවා ඇති අතර ඔහුට වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය වී ඇත්තේ එහිදීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි