නවතම පුවත්

මන්දිර ජීවිතේට සජිත්ගෙන් තිත

අසංක

අසංක

“මම මන්දිර ජීවිතේ සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා කියලා මම ජනතාවට ප්‍රතිඥා දෙනවා.” යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පිළිගැනීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවිධාන කරන ලද මාතරදී අද පැවති ජන හමුවේ දී මේ බව අවධාරණය කළේය.

“වෙඩි නොවදින වාහනේට වඩා ගමේ බේත් ශාලාව මට වටිනවා. දෙසැම්බරයේදී සියලු දෙනා සැරසෙන්න ශක්තිමත් පෞරුෂත්වයක් ඇති රටක් ගොඩනගන්න” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

‘සජිත්ගේ ජයට රාජපක්ෂලට යන්න එන්න තැනක් නැතිවෙයි’- මංගල

“රාජපක්ෂලට යන්න එන්න තැනක් නැතිවෙන්න අපේ සජිත් මෙවර ජයග්‍රහණය කරනවා” යැයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු විසින් සංවිධානය කළා සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ රැස්වීම අමතමින් හෙතෙම මේ බව පැවැසීය.

“1997දී මමයි ෆවුසි ඇමතිතුමයි මුල්ගල් තියලා ඇරඹූ දක්ෂිණ අධිවේගී මාර්ගය මහින්ද එයාගේ නමින් විවෘත කරා. සජිත් ප්‍රේමදාසට භාණ්ඩාගාරයේ මුදල් බය නැතුව වෙන් කරන්න පුළුවන්” යැයිද මංගල සමරවීර මහතා පැවැසීය.

’70 ගෝඨා වගේ නෙවෙයි සජිත් 52 කොල්ලෙක්’ – හරීන් මාතරදී

“අවුරුදු 70 ගෝඨාට වගේ නෙවෙයි සජිත් කියන්නේ 52 කොලේලෙක්. මේකා කොල්ලෙක් අම්මෝ. අවුරුදු 25ක් විතර දේශපාලනය කළා වගේම තව අවුරුදු 25ක් දේශපාලනය කරන්න පුළුවන්” යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ මාතරදී දැන් පැවැත්වෙන රැළියේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“ඇයි අපි සජිත් තෝරගත්තේ. සජිත් සජිත් කියන්නේ. අපේ නායකතුමා කිව්වා 2020 අපේ තරුණ නායකයෙකුට බාරදෙනවා කියලා. ඉතින් අපි නායකතුමා ආරක්ෂා කරන්න, පාක්ෂිකයා ආරක්ෂා කරන්න තමයි මේ තීරණය ගත්තේ. තවත් කාලයක් දේශපාලනය කරන්න පුලුවන්. ඉතින් එහෙම කෙනෙක් නෙවෙයිද අපිට ඕනෙ. අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසව ගෙන්වන්න ගාලු මුවදොර පිටිය මදි වෙනවා” යැයි ද හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.

‘එජාපය කඩන්න ඉඩ තියන්නෙ නෑ’- නලින්

“එක්සත් ජාතික පක්ෂය කඩන්න අපි කාටවත් ඕනේ නෑ. අපි කවුරුත් ඉඩ තියෙන්නෙත් නෑ. හැබැයි මේ ජයග්‍රහණයට තියෙන මාවතට ගල් පෙරළුවොත් අපි විජයග්‍රහණය ලබලයි පස්ස බලන්නේ” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

මේවනවිට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ රැළියට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

“කොළඹ 7 ඉන්නවා උදේට උදේට ජොගිං යන නෝනලා සෙට් එකක්. එයාලට හැමදාම ජොගිං යද්දී ජොගිං මංතීරු දැක්කම ගෝඨාභය මහත්තයා මතක් වෙනවා. අනේ බඩ හරි අඩුවුණේ ගෝඨාභය මහත්තයා නිසානේ කියලා. හැබැයි ගමේ මිනිහගෙන් ඇහුවොත් ගෝඨාභය මහත්තයා ගැන අනේ අපිට නං කරපු කෙංගෙඩියක් නෑ කියලා බනිනවා. සජිත් කියන්නේ ගමේ මිනිහට වැඩකරපු කෙනෙක්” යැයිද නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී