නවතම පුවත්

මහමෙව්නාවේ ආශිර්වාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් සරල සිංහලට පරිවර්තනය කරන ලද ”මහාවංශය අවසාන භාගය” ග්‍රන්ථ රත්නය එළිදැක්වීමේ විශේෂ ධර්ම දේශනය සහ සත්‍යක්‍රියාව ඊයේ (10) උදෑසන කඩුවෙල නගර මධ්‍යයේ දී පැවැත්වුනි.

එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම ග්‍රන්ථ රත්නය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පිළිගන්වන ලදී.

අමරපුර මහා සංඝ සභාවේ මහා මහෝපාධ්‍යාය, සමස්ත මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර සහ ප්‍රධාන අනුශාසක අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහමෙව්නාව සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, හිටපු කථීකාචාර්ය පින්වත් පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ දෙසිය නමකට අධික වූ මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් උත්කර්ෂවත් අයුරින් මෙම විශේෂ උත්සව සභාව පවත්වන ලදී.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?