නවතම පුවත්

මහරගම නගර සභාවේ මෝටර් සයිකල් මන්ත්‍රිවරුන්ට දුන් අධිකරණ නියෝගය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහරගම නගර සභාව සඳහා තේරී පත්වූ මෝටර් සයිකලයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයන්  නාගරික මන්ත්‍රීවරුන් ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට කොළඹ මහාධිකරණය අද (21) ප්‍රකාශයට පත් කළා.

 ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයන් මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බැවින් ඔවුන් නාගරික මන්ත්‍රීවරුන් ලෙසට කටයුතු කිරීමට නුසුදුසු බවට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙලෙස තීන්දු කළා.

කෙසේවෙතත් මහරගම නගර සභාව සඳහා වෙනත් පුද්ගලයින් ආදේශ කරන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ අතර එවැනි බලයක් ඇත්තේ පක්ෂයේ කණ්ඩායම් නායකයාට බව මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කරන ලදි.
 
මහරගම නගර සභාවට තේරී පත් වූ සභිකයින් මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවත් ඔවුන් එම මහරගම ප්‍රදේශයෙන් පරිබාහිර එනම්  දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බැවින් එය පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන්  පවසා සිටියා.

මහරගම නගර සභාවට තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් 23 ක් ඇතුළු අනිකුත් දේශපාලන පක්ෂ වලින් තරග කළ අපේක්ෂකයින් 243 ක්  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබුණා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්