නවතම පුවත්

මළවුන් අතරේ හොල්මන් කරනා සුන්දර මිනිසෙක් – කුමාර්

අසංක

අසංක

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු

එදා එව්.එම්.ජයවර්ධන මුල් ම වතාවට සහ අවසන් වතාවට හමුවෙන්න ම ජයරත්න මල්ශාලාවට ගියා. එතැන පැය භාගයක් විතර ඉදලා මං එන්න පිටත් වුණේ රෑ traffic එකට අහුවෙන්න කලින් ගෙදර යන්න ඕන නිසා. නමුත් ගමනාන්තය තව ටිකක් ප්‍රමාද කලේ මල්ශාලාවට එහා පැත්තේ තිබුණ කනත්තේ ලස්සනයි. අක්කර හතලිස් හතක් පුරා පැතිරුණ බොරැල්ලේ කනත්තේ ලස්සන මං මුලින් ම දැක්කේ නාමල් ජයසිංහගේ ” සහෝදරයා” ටෙලි නාට්‍යයේන්. මං ගෙදර යන ගමන ටිකක් පරක්කු කරලා ලංකාවේ ලස්සනම කනත්තට ඇතුලු වූණේ පුදුම නිදහසකින්. සමහරක් සොහොන් කොත් උඩට කහ පාට ඇහැල මල් වැටිලා මගේ ඇස් ඉස්සරහ හුස්ම ගන්න චිත්‍රයක් මැව්වා. ඒ අතර සොහොන් පඩියක් උඩ මනුස්සයෙක් තුවායක් ඇදගෙන වාඩි වෙලා ඉන්නවා මං දැක්කා. වයසක උදවිය එක්ක කොහොමත් මං කතාවට යන හන්දා මගේ කකුල් ඒ පැත්තට ඇදිලා ගියා.

“මගේ නම කූමාර්. වයස අවුරුදු 64යි. මං තමා දැනට මෙහේ වලවල් කපන වයසකම මනුස්සයා.මං දැනට ජීවත් වෙන්නේ නෝනා එක්ක කැළණියේ. මගේ පුතා දැන් කසාද බැදලා ඉතාලියේ ජීවත් වෙනවා. දුවලා දෙන්නත් බැදලා. නෝනාගේ ගම දෙනියායේ. අපි එහේ නම් යන්නේ නෑ. මං නෝනා කසාද බැදලා ගිය එහේ ගිය මුල් ම දවස්වලයි දෙමළ මිනිස්සු හොය හොයා මැරුවේ. මාව හොයාගෙනත් දෙතුන් පොලක් මිනිස්සු ගෙදරට ආවා. නැන්දාඅම්මා මාව ගෙදර හැංගුවා. පස්සේ ටික දවසක් ඒ ගෙදර හැංගිලා පාන්දර කොළඹ එන බස් එකක නෝනා එක්ක හොරෙන් ආවා. එදායින් පස්සේ දෙනියායේ ගියේ නෑ.”

  1. පොත්,පත්තර එහෙම කියවනවාද? කොහෙද පුතා පොත් කියවන්න වේලාවක් අපිට. දැන් ගෙදර යද්දි අටයි. උදේ හත වෙද්දි මෙතන ඉන්නෝනේ. නිව්ස් නම් බලනවා.
  2. රස්සාව හොදද? මට නම් හොදයි. පඩිත් ලැබෙනවා ජිවත් වෙන්න ඕන තරමට. අනිත් මිනිහාට කොහොමද දන්නේ නෑ. අඩියක් ගහලා, කාලා බිලා ඉන්න ඇති.
  3. කනත්තට එන්නේ හැමදාම එක ම කට්ටියක් ද? නැහැ., ගැහැණු ළමයි එනවා. පිරිමි ළමයි එනවා. යක්කු,හොල්මන්,මහසෝනා ඉන්නවාද කියලා විස්තර අහන්න කට්ටියක් එනවා. මුස්ලිම් කට්ටිය හැර අනිත් හැම ආගමකම කට්ටිය එනවා.
  4. මොනවාද මෙහේ කරන්නේ ? දවස් 365 ම අපිට වැඩ තියෙනවා. වලවල් කපන්න අපි පස් දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් අඩිය අඩිය ගානේ තමා වල කපන්නේ. තව මිනි ඔළු,ඇටකටු අනිත් ජරාවත් අදින්න වෙන්නේත් අපිට තමා. කනත්තේ ඒ කොණේ ඉදන් මේ කොණට තණකොළ ටික මැෂිමෙන් කපන්නේ මම. දැන් වළවල් කපන්න අරන් අවුරුදු දහයක් විතර.
  5. විනෝදාංශ මොනවත් නැද්ද ? විනෝදාංශේ තමා ඉතින් මෙහෙට වෙලා කාලා බිලා පඩි දවසට අඩියක් ගහලා චුන් එකේ ඉන්න එක. ඉස්සර නම් හැමදාම බිව්වා. දැන් ලෙඩ නිසා එහෙම බොන්නෙ නෑ .

6.ලොකු ලොකු කට්ටියත් අන්තිමට එන්නේ මෙහෙටම වෙන්න ඇතිනේ ?

ඔව්, ඔව් හොඳ සල්ලි කාරයා කෝටිපතියා වුණත් මෙහෙ එනවා. රනිල් මහතාගේ නෑදෑයා වුණත් එනවා. චන්ද්‍රිකා නෝනාගේ නෑදෑයා උනත් එනවා.

  1. කෝච්චිවල එහෙම යන්නේ නැද්ද ? බෙලිඅත්තට වෙනකන් දැන් පාර හදලානේ තියෙන්නේ? අනේ නෑ .අපිට කෝච්චියේ යන්න තැනක් නෑනේ. කොල්ලා කාලේ නම් බදුල්ලෙ ගියා. ඔය හදිසියක් එහෙම වුනොත් ගාල්ලේ එහෙම යනවා කෝච්චියේ. ආයෙමත් යන්න ඕනේ., බලමු.
  2. සිගරැට් ගණන් ගියානේ… මං සිගරට් බොන්නේ නෑ. ඉඳලා හිටලා අඩියක් ගහනවා. අරක්කු ගණන් ගියා කිව්වට මං තාම බෝතලේ ගාන දන්නේ නෑ. ඉස්සර නම් හැම එකේම ගාන දන්නවා. අනිත් අය නම් බොනවා හැම දාම වගේ. නමුත් වයසක මනුස්සය හින්දා මගේ නම්බුව ආරක්ෂා කරගන්න එපැ.
  3. බය කියන එක දන්නවාද? මෙහෙමයි ඉතිං හිත බය උනොත් තමා මිනිහා බය වෙන්නේ. මා මෙතන රෑ දොළහටත් බීල ගෙදර ගිහිල්ලා තියෙනවා. මොකෙක්වත් මේ වෙනකන් දැකලා නැහැ.
  4. අවුරුදු එහෙම ජය ද? ළමා ඉන්නවා නම් අවුරුදු ජයයි. ඉන්න දරුවොත් සරමක්,ෂර්ට් එකක් උස්සන් අවුරුදු දාට එනවා. එතකොට නෝනා ගෙදර මොනවාහරි උයනවා. චාරිර වාරිත්‍ර හරියටම කරනවා. දකුණේ මිනිස්සුනේ. ඉස්සර නම් අවුරුදු උත්සවවලට එහෙම ගියා. දැන් බෑ නාකි මිනිස්සුනේ.
  5. සින්දු එහෙම අහනවා ද? ටීවී එකේ සමහර දවස්වලට රෑට යන හින්දා අහනවා. ජෝතිපාලගේ එව්වා තමා වැඩිපුර ම අහන්නේ. කාර්තික්ටත් කැමතියි.
  6. මැච් එක බලනවද ? ක්‍රිකට්වලට නම් එච්චර කැමති නෑ. නමුත් football වලට කැමතියි. වික්ටෝරියා,සෝන්ඩර්ස් මැච් බලන්න මම සුගතදාස ස්ටේඩියම් එකට යනවා. මං තරුණ කාලේ football සෙල්ලම් කරලාත් තියෙනවා.
  7. බදු වැඩි වුණ එක ගැන මොකද හිතන්නේ ? මට ඒවා කිසිම දෙයක් වැඩක් නෑ . මං පඩිය ගෑණිට දෙනවා .මට බස් එකට යන්නයි,එන්නයි සල්ලි දුන්න ඇති.
  8. Photo එකක් ගහමු ද ? මං කලිසමක් ඇදගෙන එන්න ද ?

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී