නවතම පුවත්

මාලිහි දී දිවිදුන් මෙරට රණවිරුවන් දෙදෙනෙකුට ජගත් සංවිධානයෙන් ගෞරව පදක්කම්

අසංක

අසංක


එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අනුස්මරණ උළෙලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනෙකු “ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ්” පදක්කමෙන් පිදුම් ලැබ ඇත.

මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා 2018 වර්ෂයේදී මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් හී නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්විය. එම වීරෝධාර රණවිරුවන් දෙදෙනා එම රටේ ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ් (Dag Hammarskjold ) පදක්කමෙන් පිදුම් ලැබු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක සමිතියේ අන්තර් ජාතික දිනය ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගෘර්ස් විසින් 1948 සිට ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් සිය ජීවිත අහිමිවූ සියලුම එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්හී සාමජිකයින් හට සිය ගෞරව ප්‍රණාමය පුද කරන ලද අතර, ඩග් හැම්ස්කස්ජෝල්ඩ් (Dag Hammarskjold) පදක්කම යුද්ධ හමුදාවේ සහ පොලීසියේ මෙන්ම අදාළ සාම සාධක රාජකාරීන්හී නිරත සිවිල් පුරවැසියන් ද ඇතුළුව 119 දෙනෙකුට 2018 සහ 2019 යන වර්ෂයන්හීදි ද ඉතා ගෞරවාන්විත අයුරින් පුද කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සඳහා වන නිල ඇඳුම් පැළඳ සේවයේ නිරතවන ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහිත රටවල් අතුරින් අදාළ සාම සාධක ක්‍රියාවලීන් වෙනුවෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ සේවාවන් සඳහා දායකත්වයක් ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාව දැනට 32 වන ස්ථානයේ පසු වේ. මේ අනුව එක්සත් අරාබි සාම සාධක හමුදාව, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව, හයිටි, ලෙබනන්, මාලි, දකුණු සුඩානය හා බටහිර සහරා යන රටවල් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා 676 ක් පමණ වන හමුදා හා පොලිස් නිලධාරීන්ගේ සේවාවන් සඳහා දායකත්වය ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

මෙවර මෙම සම්මානය ඒ වෙනුවෙන් පවත්වනු ලැබු විශේෂ උත්සවයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ප්‍රදානය කිරිමට නියමිත අතර අදාල සම්මානයෙන් පිදුම් ලබන ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ අයවළුන්ට, කැප්ටන් මෙබයි ඩයැන් පදක්කම සුවිශේෂි විශිෂ්ට හැගීමක්” ලබා දෙනු ඇත. කොංගෝ රජ්‍යයේ එක්සත් සාම සාධක ජනපද දූත මෙහෙවරේ නිරතවෙමින් සිටියේදි ඉකුත් වසරේදි ටැංසානියාවේ සෙසු සාමාජිකයෙකුගේ ජිවිතය බේරා ගැනිමට ගත් ප්‍රයත්නයකදි හදිසි ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ චැංසි චිටෙටේ නැමති සාමාන්‍ය සෙබලෙකු වෙතද එම සම්මාණය පුදකරනු ලැබීය. මෙවර එම සැමරුමේ ජාත්‍යන්තර තේමාව වී ඇත්තේ “සිවිල් පුරවැසියන් ආරක්‍ෂා කර ගමු” යන්නය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී