නවතම පුවත්

මාලේ සිට මෙහෙයවන මෙරට මත්කුඩු ජාවාරමක් හෙළිවූ හැටි

අසංක

අසංක

මාලදිවයින් ජාතිකයින් පිරිසක් පකිස්තානයේ සිට මෙරටට මත්කුඩු රැගෙන විත් බෙදා හැරීන මහා පරිමාණයේ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ එම මත්කුඩු ජාලය ගැන ඇස ගසාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ 25 දෙහිවලදී එම ඡාලයට සම්බන්ධ මාලදිවයින් ජාතිකයින් තිදෙනෙක් ඇතුළු හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 04 ක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගෙන තිබේ. එම මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිට භාරයට ගෙන ඇත.

මාලදිවයින් ජාතිකයින් පිරිස මෙම ජාවාරමේ නිරතව සිටින්නේ සංචාරක වීසා මගින් මෙරටට පැමිණය. වීසා කාලය ඉකුත්වන විට මාලදිවයිනට ගොස් ඔවුන් නැවත මෙරටට පැමිණෙන බවද අනාවරණය වී තිබේ. අවසානවට ඔවුන් රටින් පිටව ගොස් නැවත පැමිණ ඇත්තේ ඉකුත් ජනවාරියේදීය.

මාලදිවයින් ජාතිකයින් තිදෙනාගෙන් එක් අයෙකුගේ මව ශ්‍රී ලංකික කාන්තාවක් බවත් පියා මාලදිවයින් ජාතිකයෙක් බවත් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් නුගේගොඩ පැගිරිවත්ත, දෙහිවල සහ පිළියන්ද පදිංචිකරුවන්ය.

මෙම මත්කුඩු ජාලයේ ප්‍රධානියා මාලදිවයින් ජාතිකයෙක් බවත් ඔහු මාලදිවයිනේ රැදී සිටිමින් ජංගම දුරකතනයෙන් මත්කුඩු ජාලය මෙහෙයව බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි